ලීටර් 18 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයේ නව මිල ඊයේ සිට ක‍්‍රියාත්මකයි – ලිට්‍රෝ සභාපති කියයි

1030

ලීටර් 18 ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයේ නව මිල සංශෝධනය ඊයේ (26 වැනිදා) සිට ක‍්‍රියාත්මක කෙරෙන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ‘දිවයින’ට පැවසීය.

ඒ අනුව ගෑස් සිලින්ඩරයක් නව මිල රුපියල් එක්දහස් එකසිය පනහක් (1150ක්) බවද, මිල පහත හෙළීමත් සමඟ ගෑස් සිලින්ඩර සංචිත ඇති අලෙවිකරුවන් වෙත සිදු වන මූල්‍ය පාඩුව ප‍්‍රතිපූර්ණය කර ගැනීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇති බව ද තුෂාර ජයසිංහ මහතා කීවේය.

ලිට්‍රෝ සමාගමේ මූලික අරමුණු අභිමතාර්ථ සාක්ෂාත් කරමින් රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම තම සමාගමේ මූලික අරමුණ බවත්, රටේ ජනතාවට දියහැකි අවම මිලට ගෑස් සිලින්ඩරය ලබා දීමට කටයුතු කරන බවත් හෙතෙම කීවේය. එසේම රජය වෙනුවෙන් මුදල් සම්පාදන කිරීමත් මුදල් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය වෙත මහජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් මුදල් උපයා දී ලාභ ලැබීමට ලිට්රෝ සමාගම ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

– සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment