ලීඩර් සමූහය විසින් විප්ලවීය රියෙල්ටා High Tech බැටරි මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙයි

27

ලීඩර් සමූහය විසින් පළමුවරට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හදුන්වා දෙන රියෙල්ටා High Tech බැටරි සමග බැටරි වෙළෙඳපොළ, නව පෙරළියක් අත් විඳීමට පාරිභෝගික ඔබට දැන් අවස්ථාව උදාවී තිබේ. නවතම ජර්මානු තාක්ෂණයෙන් නිෂ්පාදිත මෙම බැටරි මාදිලිය, වඩාත් පහසු මුදලකට ලංකාවේ වාහන හිමිකරුවන්ට, යුරෝපයේ උසස් තලයේ වෙළඳපොල අත්දැකීම ලබා දෙයි. රියෙල්ටා High Tech බැටරි, ඉහළම වගකීම් කාලයකට හිමිකම් කියයි.

රියෙල්ටා High Tech බැටරිවල සුවිශේෂී ලක්ෂණය වන්නේ SilverCell තාක්ෂණය හා AR Grade අම්ල භාවිතා කර නිපදවා තිබීමය. මෙමගින් රිදීවලින් නිර්මාණය කරන ලද විශේෂ මිශ්‍ර ලෝහයක් භාවිතා කිරීමෙන්, බැටරියේ උෂ්ණත්වය පාලනය තුළින් ගුණාත්මක භාවය පවත්වා ගනිමින් ජලය අඩු වීම සහ ඛාදනය අඩු කෙරේ. තවද, බැටරියේ ඇති අපද්‍රව්‍ය ඉවත් කරන, ඍණ අම්ල ප්‍රතික්‍රියා වලින් බැටරිය ආරක්ෂා කරන විශේෂ සල්ෆියුරික් අම්ලය රියෙල්ටා බැටරි සඳහා කල්පැවැත්ම වැඩි කරයි. රියෙල්ටා සන්නාමය ගෝලීය වෙළෙඳපොළ තුළ ස්ථානගත කිරීමට ඩිලන්ත මාලගමුව, ලීඩර් සමූහය සමඟ හවුල් වී ඇත. මේ පිළිබඳව අදහස් දැක්වූ ඩිලන්ත මාලගමුව මහතා, මගේ තේරීම රියල්ටා අධි තාක්ෂණික බැටරියයි. රේසිං ක්‍රීඩාවේදී සෑම තත්පරයක්ම ගණන් ගන්නා බැවින් සහ මගේ වාහනය සඳහා හොඳම දේ තෝරා ගැනීමට මම සැමවිටම වග බලා ගගන්නවා. රියල්ටා බැටරි ඉහළම ජර්මානු තාක්ෂණය යටතේ නිපදවන අතර SilverCell සහ AR ශ්‍රේණියේ සල්ෆියුරික් භාවිතා කරයි. ඇසිඩ්, අසමසම Singer අලෙවියෙන් පසු සේවාවක් සහ දැරිය හැකි මිලකට ඉහළ කාර්ය සාධනයක් සහ කල්පැවැත්ම සහතික කරයි. මට නම් රියෙල්ටා හැර වෙන කිසිවක් නැතැයි කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment