ලීසිං සමාගම් හයකට එරෙහිව නඩු පවරයි

197

ලීසිං සමාගම් හයකට එරෙහිව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය කොළ‌ඔ දිසා අධිකරණයට නඩු 6ක් ගොනු කරන ඇත. සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මහබැංකු විසින් 2022.07.20 දින ඉදිරිපත් කරන ලද 2022 අංක 01චක්‍ර ලේඛණය මගින් වාහන අත්පත් කරගැනීම 2022.12.31දින දක්වා නතර කර තිබියදී 2000 අංක 56 දරන කල්බදු මුල්‍ය කරන පනත උල්ලංඝනය කරමින් මිනිසුන් මහ මග ඇද දමමින් පහරදිම් කර බලහත්කාරයෙන් වාහන පැහැර ගනිමින් ලීසිං සමාගම් අත්තනෝමතිකව කටයුතු කරමින් සිටින බවය. එම අකාරයට පැහැර ගන්නා ලද වාහන 6ක් සම්බන්ධව ලීසිං සමාගම්වලට විරුද්ධව නඩු 6ක් ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය විසින් ගොනු කළ බවත් සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment