ලුම්බිණියේ රග්බි නංවන්න අනිද්දා තරගාවලියක්

85

ලුම්බිණි විද්‍යාලයේ රග්බි ක්‍රීඩාව නඟාසිටුවීම වෙනුවෙන් අනිද්දා (4 වැනිදා) සුහද රග්බි තරගාවලියක් පැවැත්වීමට ආදි ලුම්බිණි රග්බි සංගමය සැලසුම්කර තිබේ.

කොළඹ හැව්ලොක්ස් පිටියේ පැවැත්වෙන අදාළ තරගාවලියේ ප්‍රධාන තරගය ප. ව. 4.00ට ආදි සහ වත්මන් ලුම්බිණි රග්බි කණ්ඩායම් අතර පැවැත්වේ.

ඊට අමතරව වයස අවුරුදු 10න්, 12න්, 14න් මෙන්ම 16න් පහළ යන වයස් කාණ්ඩ යටතේද තරග පැවැත්වෙනු ඇති අතර තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු 070-6254185 යන අංක ඔස්සේ ලුම්බිණි ආදි රග්බි සංගමයේ කමිටු සාමාජික දිලීප ඩයස්ගෙන් විමසිය හැක.

advertistmentadvertistment
advertistmentadvertistment