ලූනු කිලෝව රු. 105 යි අල 170 යි: බදු ඉවත් කිරීමත් සමග දඹුල්ලේ ලොකු ලූනු සහ අර්තාපල් මිල පහළට

563

රජය බදු ඉවත් කිරීම නිසා ආනයනික ලොකු ලූනු සහ අර්තාපල් තොග මිල පහළ ගොස් තිබේ. ලොකු ලූනු සහ අර්තාපල් සඳහා ආනයනික බද්ද රුපියල් 30 කින් අඩුකර ඇත. ඉන්දියාවෙන් ආනයනය කළ ලොකු ලූනු කිලෝවක් රුපියල් 130 ත් 140 ත් අතරද, පකිස්තානයෙන් ආනයනය කළ ලොකු ලූනු කිලෝවක් රු. 105 ක තොග මිලකට අලෙවි වූ බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති යූ. බී. ඒ්කනායක මහතා පැවසීය.

ආනයනික අර්තාපල් කිලෝවක තොග මිල රු. 170 ක් දක්වා පහළ ගොස් තිබිණි. දඹුල්ල තොග වෙළෙඳපළට ආනයනික ලොකු ලූනු සහ අර්තාපල් තොග ලැබුණු අතර ඌව, මධ්‍යම, උතුරු මැද, උතුරු, වයඹ පළාත්වලට දඹුල්ල තොග වෙළෙඳපලෙන් අර්තාපල් සහ ලොකු ලූනු තොග ප‍්‍රවාහනය කෙරිණි.

ආනයනික ලොකු ලූනු කිලෝ ලක්ෂ 04 කට අධික ප‍්‍රමාණයක් සහ අර්තාපල් කිලෝ ලක්ෂ 05 ක් පමණ දිනකට අලෙවි වන අතර දින කීපයකට අවශ්‍ය තොග ගබඩා කර තිබෙන බවද වැඩිදුරටත් පැවසීය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment