ලූෂන් පුෂ්පරාජ් ඇමෙරිකාවේ ‘ආර්නෝල්ඩ් ක්ලැසික්’ තරගාවලියේ

715

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා දුන් කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ඇමරිකාවේ ‘ආර්නොල්ඩ් ක්ලැසික්’ තරගාවලියේ අද (02 වැනිදා) තරග වැදීමට නියමිතය.

ඇමෙරිකාවේ කොලොම්බස් හි ඔහායෝ හි පැවැත්වෙන එම තරගාවලියේ ‘සුපර් හෙවි’ කාණ්ඩය යටතේ ‘බොඩි බිල්ඩින්’ ඉසව්වෙන් ඔහු තරග වදී. ඇමරිකාවේ ආර්නෝල්ඩ් ක්ලැසික් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන ලූෂන් එහි පසුගිය වර ඉසව්වේ දී 4 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වූයේය. 2012 වසරේ සිට මිස්ටර් ශ්‍රී ලංකා කිරුළට හිමිකම් කියන ලූෂන් ඒ අතරතුර ආසියාතික ජයග්‍රහණ මෙන්ම ලෝක මට්ටමේ ජයග්‍රහණ ද වාර්තා කර ඇත.

අද පැවැත්වෙන තරගය සම්බන්ධයෙන් ‘දිවයින’ට අදහස් දැක්වූ ලූෂන් ප්‍රකාශ කළේ තරගාවලිය ජය ගැනීමට උපරිම උත්සාහ දරන බවයි.

“පසුගිය තරගාවලියේ මම හතරවෙනි ස්ථානය ලබා ගත්තා. මේ අවස්ථාවේ ඊට වඩා ලොකු ජයග්‍රහණයක් ලබා ගන්න තමයි බලාපොරොත්තුව. මේ වෙනුවෙන් මම ඇමරිකාවට පැමිණ පසුගිය දවස්වල ගොඩක් මහන්සි වී පුහුණු වීම් කළා. අපි බලමු ලංකාවට ජයග්‍රහණයක් ලබා දෙන්න” යැයි ඔහු පැවසීය. මෙම තරගාවලිය ලබන 05 වැනිදා නිමා වීමට නියමිතය.

ලූෂන් පුෂ්පරාජ් ඇමෙරිකාවේ ‘ආර්නෝල්ඩ් ක්ලැසික්’ තරගාවලියේ
advertistmentadvertistment
advertistmentadvertistment