ලෙජන්ඩ්ස්ලාට වැඩ ගොඩගැසේ: ලෙජන්ඩ්ස් ලීග් තරගාවලිය ජනවාරි 18

495

ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේ දස්කම් දැක්වූ හිටපු ප‍්‍රවීණ කි‍්‍රකට් කී‍්‍රඩකයන් තරග වදින ලෙජන්ඞ්ස් ලීග් කි‍්‍රකට් තරගාවලියට සහ රෝඞ් සේෆ්ටි ලෝක කි‍්‍රකට් තරගාවලියට දින නියම වී ඇත.

ඒ අනුව ලෙජන්ඞ්ස් ලීග් කි‍්‍රකට් තරගාවලිය ලබන වසරේ ජනවාරි මස 18 වැනිදා සිට 30 වැනිදා දක්වාත්, රෝඞ් සේෆ්ටි ලෝක කි‍්‍රකට් තරගාවලිය ලබන වසරේ පෙබරවාරි මස 03 වැනිදා සිට මාර්තු 15 වැනිදා දක්වාත් ඉන්දියාවේදී් පැවැත්වීමට නියමිතය.

ලෙජන්ඞ්ස් ලීග් කි‍්‍රකට් තරගාවලිය ආසියානු කණ්ඩායම, ඉන්දීය කණ්ඩායම ලෝක කණ්ඩායම ලෙස කණ්ඩායම් තුනක ප‍්‍රවීණයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ආසියානු ප‍්‍රවීණයන්ගේ කණ්ඩායම සඳහා ශී‍්‍ර ලංකාවෙන් සනත් ජයසූරිය, ටී. එම්. ඩිල්ෂාන්, චමින්ද වාස්, උපුල් තරංග සහ රොමේෂ් කළුවිතාරණ ද, පකිස්තානයෙන් සහීඞ් අෆ්රිඩි, ෂොයෙබ් මලික්, යුනිස් ඛාන්, ෂොයෙට් අක්තරා සහ මිස්බා උල් හක් යන කී‍්‍රඩකයන් ද, බංග්ලාදේශයෙන් සහ ඇෆ්ගනිස්ථානයෙන් ද කී‍්‍රඩකයන් එක් වීමට නියමිතය.

ලෝක ප‍්‍රවීණයන්ගේ කණ්ඩායම වෙනුවෙන් කි‍්‍රස් ගේල්, ෂේන් වොට්සන්, ජැක්ස් කලීස්, බ්‍රේට්ලි සහ කෙවින් පීටර්ස් ප‍්‍රමුඛ කී‍්‍රඩකයන් රැුසක් එක් වන බව සංවිධායකයෝ ප‍්‍රකාශ කරති.

ඉන්දීය ප‍්‍රවීණයන්ගේ කණ්ඩායම සඳහා විරේන්ද්‍ර ෂෙවාග්, ඉර්ෆාන් පතාන්, යුවරාජ් සිං, හර්බජාන් සිං සහ මොහොමඞ් කයිෆ් ඇතුළු කී‍්‍රඩකයෝ කී‍්‍රඩා කිරීමට නියමිත සිටිති.

පළමු වටය තුළදී එක් කණ්ඩායමක් ප‍්‍රතිවාදී කණ්ඩායම් දෙක සමග තරග දෙක බැගින් කී‍්‍රඩා කිරීමට නියමිත අතර වැඩිම ජයග‍්‍රහණ ලබා ගන්නා කණ්ඩායම් දෙක 30 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.

රෝඞ් සේෆ්ටි ලෝක කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාව ඇතුළු කණ්ඩායම් 8ක් තරග වදින අතර පළමු වරට නවසීලන්තය ද මෙවර තරගාවලිය සඳහා කණ්ඩායමක් ඉදිරිපත් කර ඇත.

අවසන් වරට පැවැති රෝඞ් සේෆ්ටි ලෙජන්ඞ්ස් කි‍්‍රකට් තරගාවලියේ අනුශුරතාවය ශී‍්‍ර ලංකා කණ්ඩායම දිනා ගත් අතර ඉන්දියාව ශුරතාවය දිනා ගත්තේය.

ශී‍්‍ර ලංකාව, ඉන්දියාව, දකුණු අපි‍්‍රකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, බංග්ලාදේශය සහ ඔස්ටේ‍්‍රලියා නියෝජනය කරමින් කණ්ඩායම් තරගාවලියට එක් වීමට නියමිත වේ.

බ‍්‍රයන් ලාරා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමටත්, ටී. එම්. ඩිල්ෂාන් ශී‍්‍ර ලංකා කණ්ඩායමටත්, ජොන්ටි රෝඞ්ස් දකුණු අපි‍්‍රකා කණ්ඩායමටත්, සචින් ටෙන්ඩුල්කාර් ඉන්දීය කණ්ඩායමටත්, කෙවීන් පිටර්සන් එංගලන්ත කණ්ඩායමටත් පසුගිය වර නායකත්වය ලබා දුන්හ.

advertistmentadvertistment
advertistmentadvertistment