ලෙජන්ඩ්ස් ඩිල්ශාන් සහ ලෙජන්ඩ්ස් ගෝවින්දා

525

ලෙජන්ඩ්ස්ලා මුණගැසෙන්නේ කලාතුරකින්. කලාතුරකින්. මුණගැසුණොත් ඒ හමුවීම් හරිම සුන්දරයි. ඒ සුන්දර බවට ලෝකයේ තිබෙන්නේ පුදුම ආකර්ෂණයක්. ජයසූරිය, ලාරා, ටෙන්ඩුල්කාර්, අක්තාර්, බ්‍රෙට් ලී වැනි එදා ලෝක ක්‍රිකට් පිටියේ දිදුළන ලද ක්‍රිකට් තරු නැවතත් එකිනෙකාට එරෙහිව තරඟ කරනවා දකින්න අකමැති කවුද? ඒ අනුව බිහි වූ රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරඟාවලියේ 2022 අදියරය පසුගියදා ආරම්භ වුණා. එහිදි ශ්‍රී ලංකාව තරගවදින පළමු තරඟය අද (11 වැනිදා) ඔස්ටේ්‍රලියාව සමග ඉන්දියාවේ කාන්පූර් හිදී පැවැත්වෙනවා. රාත්‍රී 7.30ට තරගය ආරම්භ වීමට නියමිතයි. එම තරඟාවලියේ සත්කාරක රට තමයි ඉන්දියාව.

මෙවරත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකත්වය දරන්නේ ටී. එම්. ඩිල්ශාන්. ඔහු ඇතුළු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කරන තවත් ක්‍රීඩකයන් පිරිසක් පසුගිය පස්වැනිදා ඉන්දියාව වෙත පැමිණියා. එහිදී ඩිල්ශාන්ට තවත් ලෙජන්ඩ්ස් කෙනෙක් මුණ ගැසුණා. හැබැයි ඔහු ක්‍රිකට් ලෙජන්ඩ් කෙනෙක් නම් නොවෙයි. ඔහු සිනමා ලෙජන්ඩ් කෙනෙක්. 80, 90 දශකයේ හින්දි සිනමාවේ බැබළෙන තාරකාවක් වූ ගෝවින්දා තමයි ඩිල්ශාන් ට එසේ මුණගැසුනු ලෙජන්ඩ්.

ක්‍රිකට් සහ සිනමාව කියන්නේ ඉන්දියාව උමතු කරන අංශ දෙකක්. ක්‍රිකට් ලෙජන්ඩ් කෙනෙක් වූ ඩිල්ශාන් සහ සිනමා ලෙජන්ඩ් කෙනෙක් වූ ගෝවින්දා ගේ මේ හමුවීම අහම්බයක් තමයි. ඒත් එම හමුවේ සුන්දර ඡායාරූපයක් මෙසේ එළියට ඇවිත් තිබුණා. 1986 වසරේ සිය පළමු චිත්‍රපටයේ රඟපෑ ගෝවින්දා රඟපෑ සම්පූර්ණ චිත්‍රපටි ගණන දෙසීයකට ආසන්නයි. ඒ වගේම ඔහු දක්ෂ නර්තන ශිල්පියෙක් ලෙසද ප්‍රකටව සිටියා.

advertistmentadvertistment
advertistmentadvertistment