ලෙජන්ඩ්ස් ලීග් කි‍්‍රකට් ගැටුමේ කාලසටහන එළිදැක්වේ

797

ජගත් කි‍්‍රකට් පිටියේ හිටපු ප‍්‍රවීණ කී‍්‍රඩකයන්ගේ දස්කම් උරගා බලමින් ලොව පළමු වරට පැවැත්වෙන ලෙජන්ඩ්ස් ලීග් කි‍්‍රකට් තරගාවලියේ තරග කාලසටහන නිකුත් වී තිබේ.

තරගාවලිය යටතේ කණ්ඩායම් 3ක් තරග වදින අතර ආසියා කණ්ඩායම ඒෂියා ලයන්ස් ලෙසද, ඉන්දීය කණ්ඩායම ඉන්දියා මහරාජාස් ලෙස ද ලෝක කණ්ඩායම වර්ල්ඞ් ජයන්ට්ස් ලෙස ද තරගාවලියට එක්වේ.

තරගාවලිය මේ මස 20 වැනිදා ආරම්භ වන අතර ඉන්දියා මහරාජාස් කණ්ඩායම ඒසියා ලයන්ස් කණ්ඩායම සමග එහිදී පළමු තරගයට සහභාගි වේ.

ඒෂියා ලයන්ස් සහ වර්ල්ඞ් ජයන්ට්ස් කණ්ඩායම 21 වැනිදා, ඉන්දියා මහරාජාස් සහ වර්ල්ඞ් ජයන්ඞ්ස් කණ්ඩායම 22 වැනිදා ද තරග වැදීමට නියමිතය. 24 වැනිදා ඒෂියා ලයන්ස් සහ ඉන්දියා මහාරාජාස් අතර ද, 26 වැනිදා ඉන්දීය මහරාජාස් සහ වර්ල්ඞ් ජයන්ඞ්ස් අතර තරගය ද පැවැත්වේ. 27 වැනිදා වර්ල්ඞ් ජයන්ඞ්ස් සහ ඒෂියා ලයන්ස් අතර තරගය පැවැත්වෙන අතර අවසන් මහ තරගය ජනවාරි 29 වැනිදා පැවැත්වීමට නියමිතය.

තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාවෙන් සනත් ජයසූරිය, නුවන් කුලසේකර, ටී.එම්.ඩිල්ෂාන්, මුත්තයියා මුරලිදරන්, උපුල් තරංග, චමින්ද වාස් සහ රොමේෂ් කළුවිතාරණ එක්වීමට නියමිත වේ.

advertistmentadvertistment
advertistmentadvertistment