ලෙජන්ඩ් අවසන් මහා තරගය අද

383

රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (01 වෙනිදා ) රාත්‍රී 7.30ට පැවැත්වේ.

අවසන් මහා තරගය සඳහා සචින් ටෙන්ඩුල්කාර් ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම මේ වනවිටත් සුදුසුකම් ලබා තිබේ.

ඔවුන්ගේ ප්‍රතිවාදී කණ්ඩායම කවුරුන්ද යන්න ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර දෙවෙනි අවසන් පූර්ව තරගයේ දී තීරණය වීමට නියමිතව තිබුණි. එම තරගය පෙරේදා පැවැත්වීමට නියමිතව තිබුණ ද රායිපූර් ක්‍රීඩාංගණයේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය ඊයේ රාත්‍රී දක්වා කල් දැමිණි. ඔස්ටේ්‍රලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 5 කින් පරාජය කරමින් ඉන්දියාව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment