ලෙබනනයේ පෙට‍්‍රල් ටැංකියක් පිපිරීමෙන් 27ක් මරුට

196

ලෙබනනයේ පෙට‍්‍රල් ටැංකියක් පුපුරා යෑමෙන් පුද්ගලයන් 27 දෙනකු මියගොස් තවත් 79 දෙනකුට තුවාල සිදු වී තිබේ. ඉකුත් ඉරිදා දිනයේ සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් උරණ වූ ජනතාව පොලිසිය සමග ගැටෙමින් ලෙබනනයේ අගමැති නජිබ් මිකාටිගේ නිවසට ගල් ගසා ඔහුගෙන් සිය තනතුරෙන් ඉවත් වන ලෙස ඉල්ලා ඇත.

ලෙබනනයේ අක්කර කලාපයේදී කළු කඩකරුවන්ගෙන් අත්අඩංගුවට ගත් පෙට‍්‍රල් ටැංකියක් පොලිසිය විසින් රැුගෙන යද්දී මෙම පිපිරීම සිදුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment