ලෙබනනයේ වරායක පිහිටි ධාන්‍ය කුලුනු 08ක් එකවර කඩා වැටේ  

564

වසර දෙකකට පමණ පෙර සිදු වූ දරුණු පිපිරීමක් හේතුවෙන් හානියට පත්ව තිබු ලෙබනනයේ බීරුට් වරායේ පිහිටි ධාන්‍ය ගබඩා කර තබන කුලුනු 08ක් ඊයේ (23දා) දැවැන්ත දූවිලි වලාකුළක් වරාය පුරා විහිදුවමින් එකවර පොළවට කඩා වැටී තිබේ.

‘වසර 50 ක් පමණ පැරණි මීටර් 48ක් (අඩි 157ක්) උසැති කඩා වැටී ඇති ධාන්‍ය ගබඩා කර තිබූ මෙම කුලුනු 2020 වසරේ අගෝස්තු මස 04 වැනිදා ඇමෝනියම් නයිට්රේට් පොහොර වැරදි අයුරින් ගබඩා කර තැබීම හේතුවෙන් බීරුට් වරායේ සිදු වූ දැවැන්ත

පිපිරීමෙන් දැඩි සේ හානියට පත්ව තිබිණි. එම පිපිරීමෙන් බීරුට් නගර වැසියන් 200 දෙනෙකු මියගොස් තිබූ බව වාර්තා වී තිබිණි. බීරුට් වරායේ උතුරු දෙසින් පිහිටා තිබූ මෙම කුලුනුවල පාදමට 2020 සිදු වූ පිපිරීම හේතුවෙන් දැඩි හානි සිදුව තිබිණි. ඉකුත් ජුලි මාසයේ සිට කුලුනුවල ගින්නක් හටගෙන තිබූ අතර ඒවා කුමන

මොහොතකදී හෝ පොළවට කඩා වැටෙනු ඇති බවට ඉංජිනේරුවරුන් විසින් අනතුරු අඟවා තිබිණි.

සංස්කරණය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment