ලෙබනනය හරහා ඉතාලි පටවන ජාවාරමක් හෙළිවෙයි

153

මිනිස් ජාවාරම්කරුවන් විසින් ලෙබනනය හුවමාරු මධ්‍යස්ථානයක් කරගනිමින් නීති විරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් ඉතාලිය වෙත රැගෙන යෑමේ ජාවාරමක් පිළිබඳව විදේශ සේවා කාර්යාංශය වෙත තොරතුරු ලැබී ඇත. එසේ අන්තරායකාරී ලෙස ඉතාලිය බලා යාත්‍රා කළ බෝට්ටු කිහිපයක්ම අනතුරට ලක්වී අවතැන් වූ පිරිස අතර, මෙරට පිරිසක් ද සිටින බැවින්, මෙම නීති විරෝධී ක්‍රියාවලිය හා අනතුරුදායක බව පිළිබඳව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දන්වා තිබේ.

මෙවැනි ජාවාරම්කරුවන්ට හසුවී තම වටිනා ජීවිතය අනතුරේ නොහෙලන ලෙස හා තම මුදල් නාස්ති කර

නොගන්නා ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙවැනි ජාවාරම් සිදුකරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු දන්නේ නම්, පහත සඳහන් කර ඇති දුරකථන අංක මගින් දැනුම් දෙන ලෙස කාර්යාංශය මහජනතාවට වැඩිදුරටත් දන්වා සිටියි. පැය 24 තොරතුරු මධ්‍යස්ථානය – 1989 ක්ෂණික ඇමතුම් අංකය විමර්ශන අංශය – 0112864214

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment