ලෙස්ලි රණගල 35 වැනි ගුණ සැමරුම

19

බොරැල්ල ආසනයේ හිටපු එක්සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී (මහජන සම්බන්ධතා නිලධාරි-ප්‍රවාහන අමාත්‍යාංශය) උතුරු බොරැල්ල නාගරික මන්ත්‍රී ආදී වූ තනතුරු රාශියක් හොබවමින්, සැබෑ පොදු ජනතා නායකයකු ලෙස කටයුතු කළ ලෙස්ලි රණගල මහතාගේ 35 වන ගුණ සමරුව ජුනි පළමු වැනිදාට යෙදී ඇත.

1950 වසරේ නොවැම්බර් 01 වැනි දින මෙලොව එළිය දුටු ඒ මහතා 1989 වසරේ ජුනි පළමු වැනි දින කුරිරු ඝාතකයකුගේ වෙඩි ප්‍රහාරයකින් අප අතරින් වෙන්වන විට 38 වන වියෙහි පසුවිය. එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ද ඉමහත් ආදරයට පාත්‍රවූ ඒ මහතා අද ජනපති ධුරයේ කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතාගේ ද සමකාලීනයකුව උරෙන් උර ගැටී කටයුතු කළේය. ඔහු ප්‍රවීණ දේශපාලකයන් සමග ද එක්සත් ජාතික පක්ෂයේ අභිවෘද්ධියට මහත් සේවයක් කළ නායකයෙකි. ඒ මහතා ඉතා සුළු කාලයක් තුළ විජයග්‍රාහී ජනතා නියෝජිතයකු ලෙස ඉමහත් ජනප්‍රියත්වයටත්. ප්‍රසිද්ධියටත් පත්විය.

සිය දිවිමඟ පුරාවටම දක්‍ෂ, අවංක, එඩිතර, පිරිසිදු දේශපාලකයකු වූ ඒ මහතා මහත්මා, දේශපාලනයේ ප්‍රතිමූර්තියක් වූ අතර ඔහුගේ දේශපාලන ගමන්මග වර්තමාන දේශපාලකයන්ට ද කදිම ආදර්ශයකි. ඔහු සෑම කෙනකුටම උසස්ම මානව දයාවකින් සලකනු ලැබූ අතර සැබෑ ජනතා හිතවාදියකු ද විය. මෙනිසා සැමගේ ගෞරව බහුමානයට හා ආදරයට පාත්‍ර විය.

ජනතාව සමග ඉතා ළෙන්ගතුව කටයුතු කරමින් ජනතා ප්‍රශ්නවලදී ඔුවුන්ට නිරන්තර සහනයක් වෙමින් සිටි නිසාම ඔවූහු ඒ මහතාගේ ගුණ සමුදාය සිහිපත් කරති.

විටෙක ඔහු වැඩිහිටියෙකි. ආදර්ශවත් සොහොයුරෙකි. විටෙක මිත්‍රශීලීව කටයුතු කරන මිතුරකු විය. එවකට පළාත් සභා ක්‍රමයට එරෙහිව රටේ ගොඩනැඟුණු දේශපාලන වාතාවරණය යටතේ ත්‍රස්තවාදියකු විසින් ඒ මහතාගේ ළය සිදුරු කර අදට වසර 34කි. අප එතුමාගේ ගුණ සමරන්නේ හද තුළ බුරබුරා නැඟෙන ශෝකයෙනි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමකාලීන දේශපාලනඥයකු ලෙස උරෙන් උර ගැටෙමින් මැතිවරණ කටයුතුවල නිරත වූ රණගල මහතා, එක්සත් ජාතික පක්‍ෂයේ දියුණුව වෙනුවෙන් විශාල මෙහෙයක් ද ඉටු කළේය.

දුප්පතාගේ හිතවතා වූ සොයුරාණෝ
සැමවිටම අපගේ දුක නිව් අප මිතුරාණෝ
පුන්සඳ සේම බැබළුණු නායකයාණෝ
අද ඔබ නැති අඩුව දැනෙයි රණගල මැතිඳාණෝ

නීතිඥ ප්‍රධාන් රණගල

advertistmentadvertistment
advertistmentadvertistment