ලේ බැංකුවේ ලේ හිගයක්

496

නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ යළිත් දැඩි රුධිර හිඟයක් මතුවී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ‘දිවයින’ට ඊයේ  (11 වැනිදා) පැවැසීය.

සාමාන්‍යයෙන් දිනකට රතු රුධිරාණු ඒකක 950ක ප‍්‍රමාණයක් අවශ්‍ය බවත්, මේ වන විට දිනකට රුධිර ඒකක ලැබෙනුයේ ඒකක 650ක ප‍්‍රමාණයක් බවත් හෙතෙම කියා සිටියේය.

රුධිරය පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලීන්ට නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඇතුළු දිවයින පුරා පිහිටි රුධිර පාරවිලයන මධ්‍යස්ථාන 105 වෙත ගොස් සිය රුධිරය පරිත්‍යාග කළ හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

0115-332153, 0115-332154 යන දුරකථන අංක අමතා දිනයක්, වේලාවක් වෙන්කර ගෙන තම නිවසට ආසන්න රුධිර පාරවිලයන මධ්‍යස්ථාන වෙත ගොස් රුධිරය පරිත්‍යාග කළ හැකි බව ද ඒ මහතා සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් කතාකළ හෙතෙම මෙසේද කියා සිටියේය.

‘දැන් අපේ ජනතාව එන්නත ලබාගෙන සතියකට පස්සේ රුධිරය ලබාදීමේ හැකියාව තියෙනවා. සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් සියල්ලක්ම සිදුවෙන්නේ. ඒ නිසා ඕනෑම කෙනෙකුට මෙතනට බය නැතුව ඇවිත් තමන්ගේ රුධිරය පරිත්‍යාග කරලා යන්න පුළුවන්.

‘මේ වෙලාවේ රටේ ජනතාවගේ සහයෝගය ඉතා අවශ්‍යයි. ඒ නිසා මේ වෙලාවේ හැමදෙනාම ඇවිත් රුධිරය පරිත්‍යාග කරන්න කියලා ඉල්ලා සිටිනවා. මේ වෙලාවේ තැන තැන ජංගම රුධිර කඳවුරු සංවිධානය කරනවාට වඩා මේ රුධිර පාරවිලයන මධ්‍යස්ථාන වෙත ඇවිල්ලා තමන්ගේ රුධිරය පරිත්‍යාග කරලා යන එක තමන්ට ආරක්ෂිතයි.’

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment