ලොක්ඩවුන් අස්සෙ විකුණන්න හැදුවොත් තෙල් විදුලිය වරාය වර්ජන සූදානමක

106

ලොක්ඩවුන් එක දඩමීමා කරගෙන තෙල්, විදුලිය වරාය ඇතුළු රාජ්‍ය දේපළ විකිණීමට කටයුතු කළහොත් ආයතන තුනම ඒකාබද්ධ කරගෙන වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පැවැසීය.

ආණ්ඩුව මේ වෙලාවේ ඉන්ධන ලබා ගැනීමට මුදල් හිඟවීම ඇතුළු ආර්ථික අර්බුද හමුවේ සිටින බවත් ඒ මහතා කීවේය. මෙවැනි තත්ත්වයක් යටතේ එම ප‍්‍රශ්න වසා ගැනීම සඳහා ලොක්ඩවුන් කාලය දීර්ඝ කරමින් සෙලෙන්දිවා සමාගමට කොළඹ වටිනා ඉඩම් ටික විකිණීමේ ක‍්‍රියාවලිය සක‍්‍රිය කරමින් සිටින බව ද ඒ මහතා කීවේය.

මේ වනවිටත් විදුලිය, තෙල් සංස්ථා පාඩු ලබන බවත් විදුලි බිල මහජනතාව නොගෙවන්නේ නම් මෙය පවත්වාගෙන යෑමට නොහැකි බව ද පවසන්නේ මෙම ආයතන විකිණීමටද යන්න සැකයක් මතුවන බව ද ජයලාල් මහතා කීය.

නොරොච්චෝලේ බලාගාරය සඳහා එල් එන් ජී ගෑස් භාවිත කිරීමට අදහස් කරන බවත් එම නළ පද්ධතිය සකස් කිරීමට ඇමරිකන් සමාගමකට ලබාදීමට රජය කටයුතු කර ඇති නිසා එහි ඒකාධිකාරයද එම සමාගමට ලැබන බව ද ඔහු කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment