ලොක්ඩවුන් ඉවත්කිරීමට කොළ එළියක්

169


කොවිඞ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා වූ පීසීආර් පරීක්ෂණ 13,936ක් සහ ඇන්ටිජන් පරීක්ෂාවන් 4323ක් ඊයේ (31දා) සිදුකළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසීය. මේවන විට කොවිඞ් ආසාදිතව බරපතල තත්ත්වයේ පසුවන රෝගීන් 96ක් දැඩි සත්කාර ඒකකයන්හි ප‍්‍රතිකාර ලබන බවත් එක්කොටි දහනව ලක්ෂ හයදහස් එකසිය හතර දෙනකු (1,190,6104) මේ වන විට ඇස්ට‍්‍රාසෙනිකා කොවිෂීල්ඞ්,සයිනොෆාම් හෝ මොඩර්නා යන කුමන හෝ එන්නතක් ලබාඇතැයිද සඳහන් කළේය. ඒ අනුව ඉදිරියේදී රට යම් සීමාවක් යටතේ විවෘත කළ හැකි යැයි විශ්වාස කරන බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment