ලොක්ඩවුන් කාලයේ අගමැති ජොන්සන්ගේ කාර්ය මණ්ඩලයත් සාද පවත්වලා

170

රට අගුලූ දැමූ (ලොක්ඩවුන්) අවස්ථාවක කොරෝනා මර්දන නීති කඩ කරමින් මත්පැන් සාදයකට සහභාගි වීම සම්බන්ධයෙන් විවේචනයට ලක්ව සිටින එංගලන්ත අගමැති බොරිස් ජොන්සන්ට හා ඔහුගේ කාර්ය මණ්ඩලයට තවත් එවැනිම වූ ප‍්‍රියසාදයන් දෙකක් අගුලූ දමා තිබූ කාලයේ පැවැත්වූ බවට චෝදනා එල්ල වී තිබේ.

මෙම ප‍්‍රිය සාදයන් දෙකම පවත්වා ඇත්තේ අගමැතිවරයාගේ නිල නිවස වන ලන්ඩන් නගරයේ ඩවුනින් වීථියේ පිහිටි නොම්මර 10, ස්ථානයේදී බව එංගලන්ත මාධ්‍ය පවසයි. මෙම සාද දෙකම පුද්ගලයන් සේවයෙන් ඉවත්ව යෑම සම්බන්ධයෙන් පවත්වා ඇත්තේ එලිසබත් රැුජිනගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමරු (එඩින්බරෝ හි ආදිපාදවරයාගේ අවම`ගුල් උත්සවයට පෙර දිනයේ බව වාර්තා වී තිබේ. ටෙලිග‍්‍රාෆ් පුවත්පතට අනුව මෙම සාදයන් එංගලන්තය කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා අගුලූ දමා තිබූ ඉකුත් අපේ‍්‍රල් මස 16 වැනිදා රාත‍්‍රියේ සිට 17 වැනිදා අලූයම දක්වා පුද්ගලයන් 30 දෙනකුගේ පමණ සහභාගිත්වයෙන් පවත්වා ඇති අතර ඒවාට සහභාගි වූ පිරිස් මත්පැන් පානය කරමින් සංගීතයට අනුව නර්තනයේ යෙදෙමින් පසු දින අලූයම දක්වාම අගමැති නිල නිවසේ කාලය ගත කර තිබේ. එම සාදයන් පැවැත්වෙන අවස්ථාවේදී එංගලන්තයේ ක‍්‍රියාත්මක වූ අගුලූ දැමීමේ නීතිය යටතේ වෙනස් නිවාසවල පුද්ගලයන්ට ගෘහස්ථව එකතු වීම තහනම් කර තිබිණි.

සංස්කරනය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment