ලොක්ඩවුන් සිනමාශාලාවලට – සුනිල් ප්‍රේමරත්නගේ  නවතම සිනමා ආමන්ත්‍රණය

122

ලෝක වසංගතයක් ඇවිදින් ලොවම කම්පාවට පත්කළේය. මුඛවාඩමක්වත් දමා තම ජීවිත බේරා ගැනීමට හැකියාවක් හුදී ජනයාට නොමැති විය. අන්තිමේ ලොව Lockdown විය. මෙය විසි එක් වැනි සියවසේ ජීවත්වන ජනයාට නැවුම් අත්දැකීමක් බඳු විය. ලෝක වසංගතයෙන් ජනවහරට ආ ‘Lock down’ නමැති කඨොර. පාඨය තේමා කරගනිමින් බයිස්කෝප් කතාවක් ප්‍රේක්‍ෂකයා වෙත තිලිණ කරමින් නුදුරේදීම රිදී තිරය වර්ණවත් කිරීමට නියමිතය.

ලොක්ඩවුන් සිනමාශාලාවලට - සුනිල් ප්‍රේමරත්නගේ  නවතම සිනමා ආමන්ත්‍රණය

ටවුමේ ඉස්කෝලේ” වැලි පවුරු” නිහඬ සෙවණැලි වැනි චිත්‍රපට තුළින් මීට පෙර ප්‍රේක්‍ෂකයා ඇමතූ සුනිල් ප්‍රේමරත්නගේ  ඊළඟ සිනමා ආමන්ත්‍රණය ‘Lock down’ ය. Lock down නිෂ්පාදනය S 3 Movie ක්‍රියේෂන් වෙනුවෙන් සුනිල් ටී. ප්‍රනාන්දු” සංගීත අල්ගම සහ නීල් සංජීව ය.

ලොක්ඩවුන් සිනමාශාලාවලට - සුනිල් ප්‍රේමරත්නගේ  නවතම සිනමා ආමන්ත්‍රණය

 කැමරා අධ්‍යක්‍ෂණයෙන් සහ ආලෝකකරණයෙන් සිසිකිරණ පරණවිතාන ද සංගීත අධ්‍යක්‍ෂණයෙන් දර්ශන වික්‍රමතුංග ද කලා අධ්‍යක්‍ෂණයෙන් උපාලි උදයසිරි සහ කීර්ති ඩී. රාහුබද්ද ද වේෂ නිරූපණයෙන් ප්‍රියන්ත ඊශ්වර ද සහාය අධ්‍යක්‍ෂණයෙන් සම්පත් රත්නායක ද විධායක නිෂ්පාදනයෙන් ලංකා ධර්මවික්‍රම ද මාධ්‍ය සම්බන්ධීකරණයෙන් උපුල් නිශාන්ත ද එකතු වේ.

ලොක්ඩවුන් සිනමාශාලාවලට - සුනිල් ප්‍රේමරත්නගේ  නවතම සිනමා ආමන්ත්‍රණය

රොෂාන් රණවන” චුලක්‍ෂි රණතුංග” ළමා නිළි අස්ලි ලියානා” කුමාර තිරිමාදුර” මීනා කුමාරි” ගයනා සුදර්ශනී” ධනංජි තාරුකා” කුසල් මධුසංක” සනත් විජේසිංහ” කුමාර වඳුරැස්ස” රාජිත රුද්‍රිගු” උදය කුමාරි” මනීෂා නාමල්ගම” කීර්ති රංජිත්” උපුල් නිශාන්ත” රාධිකා ගුණවර්ධන” ජයරත්න ගලගෙදර Lock down රංගන දායකත්වය සඳහා සම්බන්ධ වී ඇත.

ලොක්ඩවුන් සිනමාශාලාවලට - සුනිල් ප්‍රේමරත්නගේ  නවතම සිනමා ආමන්ත්‍රණය

Lock down සිනමා පටයේ විශේෂ දර්ශනයක්  පසුගියදා Colombo City Center හි Scope සිනමා ශාලාවේදී පැවැත්විණි.

ලොක්ඩවුන් සිනමාශාලාවලට - සුනිල් ප්‍රේමරත්නගේ  නවතම සිනමා ආමන්ත්‍රණය



නිරෝෂන්

advertistmentadvertistment
advertistmentadvertistment