ලොක් ඩවුන් කාලේ හැදුව ‘ලොක් ඩවුන්’

258

සුනිල් ප්‍රේමරත්න තිර රචනය සහ අධ්‍යක්ෂණය කළ “ලොක්ඩවුන්” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා කොළඹ “Colombo City Center” Biys cope සිනමාශාලාවේදී පැවතුණා. මෙම සිනමාපටයට දායක වූ රංගන ශිල්පීන් හා එහි කාර්යමණ්ඩලය ඇතුළු විශේෂ ආරාධිතයින් මෙම දර්ශනය සඳහා සහභාගීවූ අතර ලොක්ඩවුන් සිනමාපටය S3 Movie ක්‍රියේෂන් වෙනුවෙන් සුනිල් ටී. ප්‍රනාන්දු, සංගීත අල්ගම සහ නීල් සංජීවගේ නිෂ්පාදනයක්.

සුනිල් ටී. ෆිල්ම් ඉදිරිපත් කිරීමක් වන “ලොක්ඩවුන්” චිත්‍රපටය සිසිකිරණ පරණවිතාන කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණයෙන්ද, දර්ශන වික්‍රමතුංග සංගීත අධ්‍යක්ෂණයෙන්ද, උපාලි උදයසිරි සහ කීර්ති ඩී. රාහුබද්දගේ කලා අධ්‍යක්ෂණයෙන් ද රොෂාන් රණවන, චුලක්ෂි රණතුංග, අස්ලි ලියානා (ළමා නිලි) කුමාර තිරිමාදුර, මීනා කුමාරි, ගයනා සුදර්ශනී, ධනංජි තාරුකා, කුසල් මදුරංග, සහන් විජේසිංහ සහ කුමාර වඳුරැස්ස ඇතුළු තවත් නළු නිලියන් රැසකගේ රංගන දායකත්වයෙන් “ලොක්ඩවුන්” සිනමාපටය හැඩවී තිබෙනවා.

තිස්ස

advertistmentadvertistment
advertistmentadvertistment