ලොක් ඩවුන් රූගතකර අවසන්

450

සුනිල් ප්‍රේමරත්න තිර රචනය සහ අධ්‍යක්ෂණය කළ “ලොක්ඩවුන්” සිනමා පටයේ රූගතකිරීම් සියල්ල අවසන් කර තිබේ. මේ වන විට සංස්කරණ අවසන් අධියරේ පවතින මෙම සිනමාපටය පසුගිය කාලයේ මේ රටටද මුහණ දුන් කොරෝනා වසංගතය හේතුවෙන් හදිසියේ දින දාහතරකට රට ලොක්ඩවුන් කිරීම නිසා සිදුවුණු සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කර ඇත.

රොෂාන් රණවන, චුලක්ෂි රණතුංග, අස්ලි ලියානා (ළමා නිළි), කුමාර තිරිමාදුර, මීනා කුමාරි, ගයනා සුදර්ශනී, ධනංජි තාරුකා, ජයරත්න ගලගෙදර, කුසල් මදුසංක සහ සනත් විජේසිංහ මෙම සිනමාපටයට රංගනයෙන් දායක වන අතර “ලොක්ඩවුන්” දර්ශන වික්‍රමතුංග සංගීත අධ්‍යක්ෂණයෙන්ද, සිසිකිරණ පරණවිතාන කැමරා අධ්‍යක්ෂණයෙන්ද උපාලි උදයසිරි සහ කීර්ති ඩී. රාහුබද්දගේ කලා අධ්‍යක්ෂණයෙන් හැඩ වී ඇත.

ලොක් ඩවුන් සිනමාපටය නිෂ්පාදනය කර තිබෙන්නේ S3 මූවී ක්‍රියේෂන් වෙනුවෙන් සුනිල් ටී. ප්‍රනාන්දු, සංගීත අල්ගම සහ නීල් සංජීව විසිනි. ලොක්ඩවුන් සුනිල් ටී. ෆිල්ම් ඉදිරිපත් කිරීමකි.

advertistmentadvertistment
advertistmentadvertistment