ලොකුම මැණික සහතිකේ ගන්න ස්විස්ටර්ලන්තයට

265

රත්නපුරය, පැල්මඩුල්ල ප‍්‍රදේශයේදී පෞද්ගලික පතලකින් හමු වූ ලොව විශාලතම මැණික ලෙස සැලකෙන (ආරනූල් පොකුර) සඳහා ජාත්‍යන්තර තත්ත්ව සහතිකයක් ලබා ගැනීමට ස්විස්ටර්ලන්තයට රැගෙන යෑමට කටයුතු කළ බව මැණික් හා පතල් ආශි‍්‍රත කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා ‘දිවයින’ට පැවසීය.

මැණික ස්විස්ටර්ලන්තයේ මැණික් සම්බන්ධ පර්යේෂණාගාරයකදී පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසු ඒ සම්බන්ධ තත්ත්ව සහතිකයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

එම තත්ත්ව සහතිකය ලැබුණු විට ජාත්‍යන්තර මැණික් වෙන්දේසියකදී අලෙවි කිරීමට පියවර ගන්නා බවද ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment