ලොකු ළුෑණු බදු අඩු කරයි

191


ලොකු ළුෑණු මිලට සහනයක් ලබාදීමේ අරමුණින් දැනට කිලෝ ග්‍රෑමයක් සඳහා පනවා ඇති රුපියල් 10 සිට 50 දක්වා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අනුපාතය අඩු කිරීමට රජය තීරණය කර තිබේ.
පසුගිය දා රැස්වු ආහාර ප්‍රතිපත්ති කමිටුව අදාළ නිර්දේශ ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
පසුගිය සැප්තැම්බර් මස 22 වැනිදා සිට රජය විසින් ආනයනික ලොකු ළුෑණු කිලෝ ග්‍රෑමයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10 සිට 50 දක්වා වැඩිකිරීමට පියවර ගනු ලැබීය.
මේ හේතුවෙන් අගොස්තු මාසයේ රුපියල් 175ක්ව පැවැති ආනයනික ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක මිල මේ වන විට රුපියල් 328 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment