ලොතරැයි අලෙවියට නියෝජිතයෝ අවසර ඉල්ලති.. අපි අවුරුද්දකට රුපියල් කෝටි 3000කට අධික ප‍්‍රමාණයක් රජයට උපයා දෙනවා

525

අමරනන්ද විජේසේකර-මහවැව
 
 පවතින තත්වය හමුවේ ලොතරැුයි ක්ෂේත‍්‍රයේ රැකියා අහිමිවීම නිසා තමන් දැඩි පීඩාවට පත්ව සිටින බව ලොතරැුයි ක්ෂේත‍්‍රයේ නියුතු අලෙවි නියෝජිතයෝ සහ සහායකයෝ පවසති. පුත්තලම දිස්ත‍්‍රික්කයේ අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ නියෝජිතයන් මාරවිල මූදුකටුව ප‍්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ බව අනාවරණය කළේය.
 
 රජයට විශාල මුදලක් උපයාදීමට දායකත්වයක් ලබාදෙන ඔවුන්ගේ ජීවන තත්ත්වය යළි නගා සිටුවීම සඳහා නියමිත සෞඛ්‍ය ක‍්‍රමවේද අනුගමනය කරමින් සිය රැකියාව කිරීමට අවස්ථාව ලබා දෙනමෙන් ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
 
 මේවන විට රැකියා අවස්ථා අහිමි සෙසු ක්ෂේත‍්‍රවලට රුපියල් 5000ක දීමනාව ලබා දුන්නද තමන්ට එම දීමනාව නොලැබුණු බවද ඔවුන් සඳහන් කරයි.
 
 මෙම තත්ත්වය හේතුවෙන් දිවයින පුරා සිටින අලෙවි නියෝජිතයන් 4500ක් පමණද, අලෙවි සහායකයන් හතලිස් දහසක් පමණ සහ දිස්ත‍්‍රික් අලෙවි නියෝජිතයන් එකසිය විස්සක් පමණ පීඩාවට පත්ව සිටින බවද ඔවුහු පෙන්වා දෙති.
 
 පුත්තලම දිස්ත‍්‍රික් අලෙවි නියෝජිත සංගමයේ සභාපති දුලිප් රණතුංග මහතා
 
 ‘‘ලොතරැයි ව්‍යාපාරය තුළින් රුපියල් කෝටි 3000 කට අධික ප‍්‍රමාණයක් වාර්ෂිකව රජයට හිමි වෙනවා. මහා භාණ්ඩාගාරයට, රජයේ වකුගඩු අරමුදලට,මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවකට
 
 මෙමගින්ප‍්‍රතිපාදන වෙන් කෙරෙනවා. පසුගිය කොරෝනා සමයේ අපිට
 
 රැුකියා අහිමි වීමෙන් රුපියල් 5000 දීමනාව ලැබුණද මෙම කාල සීමාව තුළ අපිට තවමත් රුපියල් 5000 දීමනාව ලැබුණෙ නෑ. අපි දැඩි පීඩාවට පත්ව සිටින්නේ. රජයෙන් ඉල්ලා සිටින්නේ නියමිත ක‍්‍රමවේද අනුගමනය කරමින් අපේ රැුකියාව පවත්වාගෙන යාමට අවස්ථාව ලබා දෙන්න කියලා.’’
 
 පුත්තලම දිස්ත‍්‍රික්කයේ අලෙවි නියෝජිතයන් සංගමයේ ලේකම් නිමල් පේ‍්‍රමසිරි මහතා
 
 ‘‘කොරෝනා රෝගය දෙවන වරට ආපු නිසා අලෙවි නියෝජිතයන්ගේ් හා සහායකයන්ගේ රැකියා අහිමි වෙලා තියෙනවා. ඒඅයගේ ජීවිත අවදානමට ලක්වෙලා තියෙනවා. රජය පත් කරලා තිබෙන ඒක්ෂේත‍්‍රයේ නිලධාරිනුත් ඒගැන කිසි කථාවක් නෑ. අපි ඉල්ලනවා ඒ අයගෙන් අපේ හඩ ඉස්සරහට ගේන්න. අපි ගැන හිතලා අද නියෝජිතයෝ සහයකයෝ ගැන හිතලා පුත්තලම් දිස්ත‍්‍රික්කයේ වැඩිම ආදායමක් ලබා දෙන දිස්ත‍්‍රික්කයක් ඒ වගේම දිනපතාම
 
 ලොතරැුයි දිනුම් යනවා. ලොතරැයි මණ්ඩලය හදුන්වන්නේ ලොතරැුයි අලෙවි බලකායන් හැටියට. අද ඒ බලකාය නිෂ්ශබ්ද කරලා තියෙනවා. අපිට ඉස්සරහට ජීවන රටාව
 
 ගෙනයන්න රටේ සංවර්ධනයේ මුදල් ඉස්සරහට හොයලා දෙන්න අපට සහයෝගය දක්වන්න කියලා රජයෙන් ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් ඉතාම ඕනෑම කමින් ඉල්ලා සිටිනවා.
 
 සංගමයේ නියෝජිත සරත් කුමාර මහතා
 
 ‘‘පුත්තලම් දිස්ත‍්‍රික්කයේ අලෙවි නියෝජිතයන් වශයෙන් අපි ප‍්‍රධාන අලෙවි ජාලයක්. අපි විශාල මුදල් සම්භාරයක් පවතින ඕනෑම රජයකට හොයලා දෙනවා. අසරණ අපේ අලෙවි සහායකයෝ නිතරම දවස් දෙක තුනකට වතාවක්වත් කතා කරල අහනවා රජයෙන් මොනා හරි අනුග‍්‍රහයක් හම්බුනාද කියලා. ජනාධිපතිතුමනි ඔබතුමාට බැගෑපත්ව ඉල්ලා සිටින්නේ මුලූ‍ ලංකාවාසි සියලූ‍ම අලෙවි සහයකයන්ට විදිමත් වැඩපිළිවෙලක් සකස් කර දෙනමෙන් ඔබතුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.

advertistmentadvertistment
advertistmentadvertistment