ලොරියක් ප්‍රපාතයකට පෙරලී 14කට තුවාල

188


නුවරඑළිය ලබුකැලේ තේ කර්මාන්ත ශාලාවක් අසලදී ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14දෙනෙකු තුවාල ලබා ඇත.
අද පෙරවරුවේ ලබුකැලේ ප්‍රදේශයේ පිහිටි එළවළු ගොවිපොළකින් එළවළු ප්‍රවාහනය කරමින් තිබිය දී එම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

මින් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු රැගෙන ඒමට ගිය කම්කරුවන් පිරිසක්ද එම අනතුරින් තුවාල ලබා තිබේ.

අනතුරෙන් තුවාල ලැබු 5දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත වාර්තා වෙයි.

ලොර රථය අධික වේගයෙන් ධාවනය කර ඇති ලොරි රථයේ වේගය පාලනය කිරීම සඳහා රියදුරු තිරිංග ක්‍රියාත්මක කිරීමේදී ලොරි රථය රියදුරුගේ පාලනයෙන් මිදී ගොස් ප්‍රපාතයට පෙරළී අනතුර සිදුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment