ලොරියට බෝම්බ පැටවූ සැකකරු මන්නාරමේදී දැලේ

253

බිංගිරියේදී සොයාගත් පුපුරන ද්‍රව්‍ය සහිත ලොරියේ රහසිගත කුටියක අධිබල පුපුරන ද්‍රව්‍ය ඇතුළු උපකරණ තොගයක් ගබඩා කළ බවට සැක කරන පුද්ගලයා මන්නාරම ප්‍රදේශයේ සැඟවී සිටියදී විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් පෙරේදා (26 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

වාරියපොල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන සැකකාර මුස්ලිම් ජාතිකයා මන්නාරම ප්‍රදේශයේ සැඟවී සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුගේ දියණියගෙන් කළ ප්‍රශ්න කිරීමකදී හෙළිවූ තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

සැකකරු කාලයක් තිස්සේ මෙම පුපුරන ද්‍රව්‍ය නීති විරෝධී ආකාරයට ප්‍රවාහනය කර දීමේ කටයුත්ත කර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

ලොරියක ව්‍යාජ පතුලක් සකස් කර එහි ගබඩා කර මෙම පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී බිංගිරිය පොලිසිය මගින් සැකකරුවන් දෙදෙනකු මීට ඉහතදී අත්අඩංගුවට ගෙන තිබිණි. එම සැකකරුවන් දෙදෙනා මේ වන විට රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.

ත්‍රස්තවාදී විමර්ශන ඒකකය සහ බිංගිරිය පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

නෝමන් පලිහවඩන සහ හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment