ලොරියේ වහළයේ සිට විසිකළ ගිරය පුද්ගලයකුගේ හිස තුළට ගිලා බැහැලා

1053

ලොරියක වහළය මත සිට පහළට විසිකරන ලද ගිරයක එක් අඩුවක් පුද්ගලයකුගේ හිස තුළට ගිලා බැසීම නිසා බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
 
 මාතලේ ප‍්‍රදේශයේ පදිංචි විසි අට හැවිරිදි රණසිංහ නමැති පුද්ගලයකු මෙසේ අනතුරට ලක්ව ඇත. මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා එම ලොරි රථයේ සේවය කරන අයෙකි.
 
 ලොරිය වෙළෙඳසැල්වලට විවිධ භාණ්ඩ අලෙවි කරන අතර දඹුල්ල අසන්නයේදී වහළය මත තිබූ භාණ්ඩ බිමට බෑම සිදු කළ අවස්ථාවේ ලොරියේ වහළය මත සිටි අය බුලත් විටක් කෑමෙන් අනතුරුව ගිරය පහළට විසිකර තිබේ. දැඩි හිරුරශ්මිය නිසා බිම සිටි පුද්ගලයාට ගිරය පෙනී නැත.
 
 දකුණු පස කණට ඉහළින් ගිරයේ එක් අඩුවක් සම්පුර්ණ යෙන්ම හිසට කා වැදී තිබී ඇත. අනතුරින් පසු හිසට ඇනී තිබුණ ගිරයත් සමග ඔහු රෝහලට රැුගෙන ඒමට කටයුතු කිරීම නිසා වෛද්‍යවරුන් ට ප‍්‍රතිකාර කිරීමට පහසු වී තිබේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී ශෛල්‍යකර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව ඔහුගේ තත්වය යහපත් අතට හැරෙමින් තිබෙන බව රෝහලේ ප‍්‍රකාශකයකු පැවසීය.
 
 
 නොච්චියාගම  – එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment