ලොරි තට්ටුව කඩා වැටී පාසල් ළමුන් පිරිසකට තුවාල

329

පවතින ප්‍රවාහන ගැටලුව නිසා අද උදෑසන ගලෙන් බිදුනුවැව ප්‍රදේශයේදී ලොරි රථයකින් පාසල වෙත ගමන් කරමින් සිටි ළමුන් 13දෙනකු ලොරි රථයේ තට්ටුව කඩා වැටීම නිසා තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.අනතුරින් කිසිවකුටත් බරපතල තුවාල සිදුව නැතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.මෙම දරුවන්ට පාසල් යාමට ප්‍රවාහන පහසුකම් නොමැතිව සිටියදී අදාල ලොරි රථ රියැදුරු විසින් නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදීමට පියවර ගෙන සිටියදී අවාසනාවන්ත ලෙස මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment