ලොරි රියැදුරුගෙන් රු.12,000 ක් අල්ලස් ගත් පොලිසියේ 4 කගේ වැඩ තහනම්

180

ලොරි රථ රියදුරකුගෙන් රුපියල් 12,000 ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් කන්දකැටිය පොලිස් ස්ථානයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයකුගේ සහ කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ සේවය ඊයේ (27දා) සිට අත්හිටුවා ඇත.

මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ පො.සැ.(40409) අබේවික්‍රම, පොලිස් කොස්තාපල්වරුන් වන (74405) විජේසූරිය, (74460) දිසානායක, (86954) එදිරිසිංහ යන නිලධාරීන්ගේය.

පසුගිය 20 වැනිදා කන්දකැටිය පොලිස් බලප්‍රදේශයට අයත් නාවන්දාන ප්‍රදේශයේදී අංක ක්‍ඡ ඛෂ 4836 දරණ ලොරි රථය නවතා එහි පවතින අඩුපාඩු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමට මෙම නිලධාරීන් රුපියල් 12,000 ක් ලබාගෙන තිබිණි.

ඒ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ බදුල්ල සහකාර පොලිස් අධිකාරි ටී. එම්. ජයරත්න මහතා විසින් එම නිලධාරීන්ගේ සේවය මෙසේ අත්හිටුවා තිබිණි.
කන්දකැටිය – චතුරංග

advertistmentadvertistment
advertistmentadvertistment