ලොවක් දිනූ රුවන්තිට උපන් ගමෙන් හරසර

228

තායිවානයේ පැවැති ජාත්‍යන්තර ඇඳුම් නිර්මාණ තරගයකදී ඇමරිකාව, මහ බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් දහ අටක නිර්මාණකරුවන් හාරසිය පනහකට අධික පිරිසක් පරදවා ශ‍්‍රී ලංකාවට ජයග‍්‍රාහි කිරුළ රැගෙන ආ පදියතලාවේ අයි.පී. රුවන්ති ගජධීර දියණිය පිළිගැනීමේ උත්සවයක් පසුගිය(15)දා පදියතලාව නගර මධ්‍යයේදී පැවැත්විනි.

ඇයගේ දෙමාපියන්, අසල්වාසීන්, ආදි ශිෂ්‍යයන්, නගරයේ ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ නොකර මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. පදියතලාව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් එස්. බන්දුසේන මහතා දියණියට මල් මාලාවක් පළඳවා සුබ පැතුම් එක් කළේය.

පදියතලාව විශේෂ – භාෂණ සත්‍යප‍්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment