ලොවටම පාඩමක් කියාදී ළිං පතුලට බැස්ස ගුරු මව්වරු

2406

මාස දෙකක නිවාඩුවකින් පසුව විවෘත වූ කේරළ පාසලක ගුරුවරියන් දෙදෙනකු කළ උතුම් ක්‍රියාවක් එරට සමාජ මාධ්‍ය ජාලාවල ඇගයීමට ලක්ව තිබේ.

කේරළයේ කොෂිකෝඩේ හි රජයේ පාසලක සේවය කරන මේ ගුරුවරියන් දෙදෙනා පාසලට පැමිණි පසු දැනගෙන ඇත්තේ දරුවන්ට බීමට ජලය ගන්නා ළිඳ අපිරිසිදු වී ඇති බවයි. මේ ළිඳ පිරිසිදු කිරීමට අත්අදව්කරුවන් ද සොයා ගැනීමට අපහසු වූ නිසා මේ දෙදෙනා එක්ව ළිඳට බැස එය පිරිසිදු කර තිබේ.

ප්‍රාථමික අංශයේ ගුරුවරියන් වන සිත්ජා හා ධාන්‍යා ළිඳට බැස එය පිරිසිදු කරන සේයාරුව එරට මාධ්‍යවල පළ විය.

කේරළ ප්‍රාන්තයේ අධ්‍යාපන ඇමැති වී. සිවකුට්ටි මහතා ද මේ ක්‍රියාව බෙහෙවින් අගය කර ඇත.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment