ලොවම අප දෙස බැලූ ජනමත විචාරණයට වසර 39 යි

407

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වර පැවැත්වූ ජනමත
විචාරණයට අද (24 දා) ට හරියටම වසර 39 කි.
1977 ජූලි 21 දා පැවැති මහ මැතිවරණයෙන්
බලයට පත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ
රජයේ පාර්ලිමේන්තුවේ කාලය තවත් වසර දෙකකින්
දීර්ඝ කර ගැනීමට හැකි විය. පාර්ලිමේන්තුවේ තුනෙන්
දෙකක ජන්දයෙන් සම්මත කරගනු ලැබූ ආණ්ඩුක‍්‍රම
ව්‍යවස්ථාවේ හතරවන සංශෝධන පනතට ජනතා
කැමත්ත විමසීමට එම ජනමත විචාරණය 1982 දෙසැම්බර්
22 වැනිදා පැවැත්විය. එම ජනමත විචාරණයේදී ‘ලාම්පුව’
ජන්ද සලකුණ වැඩි ඡුන්ද 535,240 කින් ජයගත්තේය.
‘ලාම්පුව’ට ලැබුණු ඡුන්ද ප‍්‍රමාණය 3,141,233 කි. කළයට
ලැබුණු මුළු ඡුන්ද ප‍්‍රමාණය 2,605,983 කි.
ජනමත විචාරණයේ මුල්ම ඡුන්ද ප‍්‍රතිඵලය වූ
මොණරාගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රතිඵලය ප‍්‍රකාශයට පත්වූයේ
23 වැනිදා අලූයම 3.15 ට පමණය. අවසන් ප‍්‍රතිඵලය ලෙස
කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රතිඵලය එදින පෙරවරු 9.45 ට
පමණ ප‍්‍රකාශයට පත් කෙරිණි. එම ජනමත විචාරණ
ජයග‍්‍රහණය 1982 දෙසැම්බර් 24 වැනිදා දිවයින පත‍්‍රයේ
මුල් පිටුවේ ප‍්‍රධාන සිරස්තලය ලෙස වාර්තා කෙරුණේ
‘‘ඔව් දිනයි… ජනතාව ජේ. ආර්. මාර්ගය අනුමත කරයි..’’
යනුවෙනි. ධර්මරත්න විජේසුන්දර සහ දයා ලංකාපුර යන
මාධ්‍යවේදීහු එම ප‍්‍රධාන පුවත ලියා තිබිණි.
ජනමත විචාරණයේ ප‍්‍රතිඵල වාර්තාව 23 වැනිදා
පෙරවරුවේ එවක මැතිවරණ කොමසාරිස්වරයා වූ
චන්දානන්ද සිල්වා මහතා විසින් එවක ජනාධිපති ජේ.
ආර්. ජයවර්ධන මහතාට භාර දෙනු ලැබීය. ඉන් ඉක්බිතිව
සිව්වැනි ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කරමින්
ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයේදී සිය අත්සන
තැබුවේය. එම අවස්ථාවේ ජනාධිපතිවරයා අසල ගාමිණි
දිසානායක හා ලලිත් ඇතුලත්මුදලි යන ඇමැතිවරු ද
සිටියහ.

ලොවම අප දෙස බැලූ ජනමත විචාරණයට වසර 39 යි


ජනමත විචාරණය තරම් ප්‍රෝඩාවක් ශ‍්‍රී ලංකා
දේශපාලන ඉතිහාසයේ සිදුවී නැහැ. දාමරික බලය වංචාව
හා ¥ෂණ රජකොට මෙය පවත්වා තිබෙනවා. ශ‍්‍රීලනිප
මන්ත‍්‍රීවරු තුවක්කු රැගෙන ජන්ද පළවල් ගානේ ගියේ
නැහැ. නමුත් එජාපයේ ඇතැම් අය එසේ ගොස්
මැතිවරණ මධ්‍යස්ථානවල නිලධාරීන්ට පවා තර්ජනය කර
තිබෙනවා. හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ ඡුන්දය පවා
වෙනත් කෙනෙක් පාවිච්චි කර තිබෙනවා. එවැනි
තත්ත්වයක් යටතේ වුව ආසන 168 න් ආසන 75 ක්
විපක්‍ෂයට හිමිවුණා. ආණ්ඩු පක්‍ෂයේ ඇතැම් මන්ත‍්‍රීවරු
තම ආසනවල ‘කළය’ දිනා ඔවුන් පරාජය වී තිබෙනවා.
හදිසි නීතිය යටතේ මෙම ඡුන්දය පැවැත්වූවා යැයි ජනමත විචාරණ ප‍්‍රතිඵල නිකුත්වීමෙන් පසු
ශ‍්‍රීලනිප නායිකාව ලෙස සිටි සිරිමාවෝ
බණ්ඩාරනායක මහත්මිය සදහන් කළාය. ජනමත විචාරණය ඡුන්දයක් නොව සංවිධානාත්මක මැරවර කි‍්‍රයාවක් බවට ලංකා සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා ප‍්‍රකාශයක් කර තිබිණි. සැකයට තුඩුදෙන පරිදි ජනමත විචාරණය පවත්වා ඇති බවත් වංචාකාරී කි‍්‍රයාවන් ද බහුලව සිදුව ඇති බවත් ශ‍්‍රී ලංකා කොමිනියුස්ට් පක්‍ෂයේ පීටර් කේනමන් මහතා සඳහන්
කර තිබිණි.
ජනමත විචාරණ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට
පත්වීමෙන් පසු දිවයින පත‍්‍රයේ පළවූ
කතුවැකියේ පළවී තිබූ ෙඡ්ද කිහිපයකි.
‘‘මාස කිහිපයක් ඇතුළත ජයවර්ධන
ජනාධිපතිතුමන්ට දෙවැනි වරට ද
බලය ලබාදී ඇත. ආණ්ඩුව රට
හමුවේ තැබූ දර්ශනයට හා
වැඩපිළිවෙළට රටේ වැඩි පිරිස
ඡුන්දය දී ඇත. ලාම්පුවට පක්‍ෂව
තිස් එක් ලක්‍ෂ හතළිස් එක් දහස්
දෙසිය විසිතුනක් දී ඇති අතර
කළයට පක්‍ෂව විසිහය ලක්‍ෂ
පන්දහස් නවසිය අසූතුනක් දී ඇත.
ප‍්‍රතිශතය ගෙන බැලූ විට සියයට
38 යි දශම පහයි හයක්ද, විපක්‍ෂව
සියයට 31 යි දශම නවයයි
නවයක්ද වැටී ඇත. ඡුන්දය
නොදුන් ගණන සියයට 29 යි
දශම හතරයි හයක් බව කල්පනා
කරන විට, සෑහෙන පිරිසක්
වැළකී සිටි බව පෙනෙයි.
එහෙයින් සුවිශේෂ ජයග‍්‍රහණයක්
ලෙස අසීමිතව උදම්ඇනීමට ද
නොහැකිය.

ලොවම අප දෙස බැලූ ජනමත විචාරණයට වසර 39 යි


එසේ වුවද, කළය දිනවීමට උත්සාහ
කළ පක්‍ෂ ගත් ඡුන්ද සංඛ්‍යා ලේඛන ඒ අතට
මේ අතට පෙරලා, ජනපතිවරණයට වැඩි ගණනක් දෙනා
ඡුන්දය දී ඇතැයි කියන්නට හැකි නමුත් එම තර්ක
විතර්කවලින් පැහැදිලි ජනතා තීරණය විකෘති නොවේ.
මීළඟට ඡුන්දයෙන් පසු කළ යුතු කුමක්ද? එක්සත්
ජාතික පක්‍ෂයට දැන් ජය පැන් බීමට වරමක් ලැබී ඇත.
එසේ ජයපැන් බීමේදී අප ඊයේ ද පෙන්නූ පරිදි
සාමකාමි වීම ආණ්ඩුලැදියන්ගේ පරම යුතුකමයි.
ජනපතිවරණයෙන් පසු යම් යම් කනගාටුදායක සිද්ධින්
වූ බව රහසක් නොවේ. ආණ්ඩු පක්‍ෂයේ ඇතැම්
බලධාරීන් විසින් මේ සිද්ධීන් කීපයක් මෙහෙයවූ බවද
රහසක් නොවේ. එය එක්සත් ජාතික පක්‍ෂයට
අවමානයක් මිස නම්බුවක් නොවූ බව නැවතත් කියමු.
කුමන දේශපාලන වෙනස්කම් වේදැයි දේශපාලන
අනාවැකි පළ කිරීමට පැකිළෙමු. එහෙත් එකක්
බලාපොරොත්තු විය හැකිය. ආණ්ඩු පක්‍ෂයේ
මන්ත‍්‍රීන්ගේ උනන්දුව වැඩිවිය හැකිය. ආසන මට්ටමින්
සංවර්ධන කටයුතු දියුණු කිරීමට හා ක‍්‍රමවත්ව සැලසුම්
කිරීමට ද හැකි වෙයි.

නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment