ලොවෙත් නැතිව ගිය “හෘදයාබාධ ගිනි අවිය”

499

1950 වසරේ සිට 1970 දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඒකාබද්ධ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පර්යේෂණ වැඩසටහන හඳුන්වනු ලැබුවේ ණභ්ධඵෂ යන නමින්ය.එක්සත් ජනපදයේ ජීව විද්‍යාත්මක හා රසායනික යුධ හැකියාවන් සංවර්ධනය කිරීම සඳහා යොමු වුන මෙම වැඩසටහනේ තවත් අනු වැඩසටහනක් ලෙසින් ඵණභ්ධඵෂ වැඩ සටහන අරෙම්භ විය. මෙම ව්‍යාපෘතිය මගින් ජීව විද්‍යාත්මක හා යුද කාරක ඇතුළු ජීව විද්‍යාත්මක ව්‍යාපෘති වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන ලදී. ඒ නිසාම ව්‍යාපෘතිය විසින් වැඩි අවධානයක් දක්වනු ලැබුවේ පරීක්ෂණ විෂයන් අකර්මන්‍ය කිරීම, විනාශ කිරීමට හැකි ද්‍රව්‍ය ගබඩා කිරීම හෝ එවැනි ද්‍රව්‍ය ව්‍යාප්ත කිරීම සඳහා වූ උපාංග සංවර්ධනය කිරීමයි.

● මේරි එම්බ්‍රි

මෙම ව්‍යාපෘතිය විසින් සතුරු රටවල පශු සම්පත් විනාශ කිරීම පවා සිදු වුණ අතර මේරි එම්බ්‍රි නැමැති විද්‍යාඥවරියත් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වී සේවය කළාය. ඒ වෙන විට 18 වන වියේ පසු වුණ ඇයගේ රාජකාරිය වූයේ පුද්ගල සංවාද රහසිගතව පටිගත කිරීමේ කාර්යයි. මේ කාලය වෙන විට විද්‍යුත් උපාංග අද මෙන් සංවර්ධනය වූ යුගයක් නොවීය. මයික්‍රොෆෝන් සම්බන්ධ කරමින් සංවාද පටිගත කළ මේරි එයින් අනතුරුව තාක්ෂණ අංශයේ උසස් නිලයක් සඳහා පත් කරන ලදී. මෙහිදී මේරි එම්බ්‍රි විද්‍යාඥවරිය විසින් මුහුදු බෙල්ලන් යොදාගෙන විෂ සංයෝග නිස්සාරණය කර ගැනීමට සමත් වුණත් මෙම මුහුදු බෙල්ලන්ගේ විෂ කුමන කටයුත්තක් වෙනුවෙන් යොදා ගන්නේද යන්න ඇයවත් දැන සිටියේ නැත.

● මුහුදු බෙල්ලන්ගේ විෂ අවි නිෂ්පාදනයට

මේ අතර “ෆොට් ෆෙඩ්රික්” හි පිහිටා තිබුණ ජෛව රසායනික අවි නිෂ්පාදනය සඳහාම වෙන් කර තිබුණ පර්යේෂණාගාරයකදී මුහුදු බෙල්ලන්ගේ විෂ යොදාගෙන රසායනික අවි නිෂ්පාදනයට ඇති හැකියාව පිළිබඳව අධ්‍යයනයන් ආරම්භ කරනු ලැබුවා. මෙහිදී රසායන විද්‍යාඥ “නේදන් ගෝර්ඩන්” විසින් මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී. මුහුදු බෙල්ලාගේ විෂ ජලය සමග සංයෝග කරමින් ඒවා අධිශීතකරණයක තැන්පත් කරනු ලැබේ. එහිදී මෙම ජලය අධි ශීත තත්ත්වයට පත් වී පතුරු ස්වභාවයකට පත් වේ. මෙම විෂ පතුරු පිස්තෝලයකින් යමෙකුට එල්ල කිරීම සමග විෂ පතුරේ අධිශීත තත්ත්වයට පත් විෂ දියවී ඉලක්කගත පුද්ගලයාගේ රුධිර සංසරණ පද්ධතියට ඇතුළු වීමත් සමග ඔවුන්ගේ ගොදුර හෘදයාබාධයක රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන් ගැනීම සමග සිදුවන ඔහුගේ මරණ සහතිකය හෘදයාබාධයකින් සිදු වූ බවට තහවුරුව ලබා දෙනවා.

1970 වසරේදී මෙම ව්‍යාපෘතිය රිචඩ් නික්සන් ජනාධිපති විසින් අවසාන කරන ලදී. මෙම ව්‍යාපෘතිය අලලා අධ්‍යයනයක යෙදුන “චර්ච්” කමිටු වාර්තාව සඳහන් කරන්නේ රිචඩ් නික්සන් ජනාධිපති විසින් ව්‍යාපෘතිය අවසාන කිරීමට පෙරාතුව නේදන් ගෝර්ඩන් විසින් ලෝකයේ නිෂ්පාදනය කරන ලද මුහුදු බෙල්ලන්ගේ විෂ ධාරිතාවයෙන් තුනෙන් එකක් ඔහු වෙත රඳවා ගෙන තිබුණ බවයි. සංඛ්‍යාත්මකව සඳහන් කළොත් එය ග්‍රෑම් 5.9 ක් බවත් මෙම කමිටුව විසින් පෙන්වා දී තිබේ. එපමණක් නොව වොෂිංටනයේ රසායනාගාරයක නිෂ්පාදනය කරන ලද “නයි විෂ” ත් ඔහු ගබඩා කර ගෙන සිටියේ හේතුවක් නොමැතිව නොවේ. කියුබානු නායක පිදෙල් කස්ත්‍රෝ, ඩොමිනිකන් ජනරජයේ නායක රෆායල් තෘජිලෝ, කොංගෝ නායක පැට්රික් ලුමුබ්බා වැනි රාජ්‍ය නායකයන් වෙනුවෙන් හෘදයාබාධයකින් සිදු වුණ මරණයක් යන සහතිකය ලබා දීමේ න්‍යාය පත්‍රය සූදානම් කළත් එය ඉටුකර ගැනීමට ඔහු සමත් වූයේ නැත.

● ලෝකයට හෙළිදරව්ව

චර්ච් කමිටුව විසින් මෙම විෂ රසායනයන් පිළිබඳව පුවත ලෝකයට ප්‍රකාශ කිරීමට යැයි අවධාරණයෙන්ම සිදු කරන ලද ඉල්ලීම නිසාම ඇමෙරිකා එක්සත් ජනපදයේ සී. අයි. ඒ. සංවිධානයේ අධ්‍යක්ෂ විලියම් කොල්බි විසින් “හෘදයාබාධ ගිනි අවිය” පිළිබඳ තොරතුරු ලෝකයට හෙළි කරන ලදී. එතැන් පටන් ඔවුන්ට මෙම “හෘදයාබාධ ගිනි අවිය” පාවිච්චි කිරීමත් අවසන් විය.

පුන්‍යා චාන්දනි ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment