ලොවේ සැමා එකම දැයේ…. – ප්‍රවීණ ගීත රචක ආනන්ද පද්මසිරි අභාවප්‍රාප්ත වෙයි

483

සම්මානනීය ගීත රචකයකු ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු, සිනමා විචාරකයකු හා ලේඛකයකු වූ ආනන්ද පද්මසිරි මහතා ඊයේ (14 දා) අලුයම හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වී තිබේ.

 එච්. ආර්. ජෝතිපාලයන් ගයන නව එළියක් නව උදයක් රට ජාතිය  පිබි දෙනවා, මිල්ටන් මල්ලවආරච්චි ගයන සීතල හිම රටේ රූකාන්ත – චන්ද්‍රලේඛා…

 ගයන නිල් තරු නෙතු හිනැහෙ, නිරෝෂා විරාජිනි ගයන හද හඬනා, විජය කුමාරතුංගයන් ගයන දේවදාර ගස් අතරින්, එමෙන්ම ජිප්සීස් ගයන ලෙවේ සැමා එකම දැයේ , යාළුවෝ අපි යාළුවෝ, අමතකර කරන්නෙපා ආදී ජනප්‍රිය ගීත රැසක් මෙරට ගීත ක්ෂේත්‍රයට ඔහු දායා ද කළේය. සරසි හා සත්සර පුවත්පත්වල කර්තෘ මණ්ඩලයේ ද මාධ්‍යවේදියකු ලෙස සේවය කළ අතර සත්සර පුවත්පතේ කර්තෘ ධුරය ද හෙබ විය.

 ඒ මහතාගේ දේහය අංක 106/1 කීනවල වත්ත, ගලිගමුව, වේයන්ගොඩ ලිපිනයේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 16 වැනි සිකුරාදා (හෙට) සවස 4.00ට මීරිගම ආදහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment