ලොව අධික වියදම් සහිත නගර ලැයිස්තුවේ මුල් තැන නිව්යෝක් හා සිංගප්පුරුවට

421

ලොව පුරා රටවල සිදු කරනු ලැබූ නවතම සමීක්ෂණයකදී මෙම වසරේ ලොව අධිකම වියදම් සහිත නගරය ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරය හා සිංගප්පූරුව ඒකාබද්ධව පළමු ස්ථානයට පැමිණ තිබේ.

ආර්ථික බුද්ධි අංශය (ඊ අයි යූ) විසින් ලොව පුරා නගර 172ක් ආවරණය වන ලෙස සිදු කර ඇති මෙම නවතම සමීක්ෂණයට අනුව ලොව අධිකම වියදම් නගර ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයට ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරය පත්ව ඇති අතර එම නගරය ඉකුත් වසරේ ලොව අධිකම වියදම් සහිත නගර ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසු විය. මෙම ලැයිස්තුවේ සිවුවැනි ස්ථානයට ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරය හා හොංකොං රාජ්‍යය ඒකාබද්ධව පත්ව සිටී. ශ්‍රී ලංකාවේ කොළඹ නගරය හා ඉන්දියාවේ බැන්ගලෝර් නගරය මෙම ලැයිස්තුවේ 161 වැනි ස්ථානයට පත්ව ඇත. නිව්යෝක් නගරය හා සිංගප්පූරුව ලොව අධිකම වියදම් සහිත නගර බවට පත්වීමට හේතු වී ඇත්තේ යුක්රේන යුද්ධය හා කොරෝනා වසංගතයේ බලපෑමෙන් ආහාර හා රැකියා සැපයුම් ජාලයට බාධා පැමිණීමත් සමගම හටගත් අධික උද්ධමනය බව සමීක්ෂකයෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment