ලොව ජනප්‍රියම දේශපාලන නායකයා ඉන්දීය අගමැති මෝදි

261


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලෝකයේ වඩාත්ම ජනප්‍රිය නායකයාගේ ලෙස නැවත වරක් පත්ව තිබේ.ඒ සඳහා සියයට 76 ක අනුමත මනාප ප්‍රතිශතයක් හිමිව ඇත. සියයට 61ක අනුමත මනාප ප්‍රතිශතයක් හිමිකර ගත් මෙක්සිකෝවේ ජනාධිපති අන්ද්‍රිස් මැනුවෙල්ට දෙවැනි තැන හිමිව තිබේ. තෙවැනි ස්ථානය ඔස්ටේ‍රලියානු අගමැති ඇන්තනි ඇල්බෙන්ස්ට හිමිව ඇත.ඒ සඳහා ඔහුට හිමිව ඇති මනාප ප්‍රතිශතය සියයට 55කි.ඇමෙරිකානු එක්සත් ජනපදය මූලික කරගත් මොර්නිං කන්සල්ටන් නැමැති ආයතනය විසින් ලෝකයේ රටවල් 22ක නායකයින් සම්බන්ධව මෙම ශ්‍රේණි ගතකිරීම සිදුකර ඇත. මෙම ශ්‍රේණි ගතකිරීමට අනුව ඇමෙරිකා එක්සත් ජනපද අගමැති ජෝ බයිඩන්ට හිමිව ඇත්තේ 06 වැනි ස්ථානනයි.එහිදී ඔහුට සියයට 41ක මනාප ප්‍රතිශතයක් හිමිව ඇත. බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ට හිමිව ඇත්තේ 10 වැනි ස්ථානයයි. ඒ සඳහා සියයට 34 මනාප ප්‍රතිශතයක් හිමිව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment