ලොව ජය ගැනීමට ක්‍රීරීඩාවෙන් ලැබෙන දායකත්වය අති මහත්

220

ඩන්කන් වයිට් මහතා ඔලිම්පික් තරගාවලියකදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පළමු රිදී පදක්කම දිනාදුන් දිනය සිහිපත් කරමින් ජාතික ක‍්‍රීඩා දිනය ප‍්‍රකාශයට පත් කිරීමට ලැබීම තමා ලැබූ භාග්‍යයක් කොට සලකන බව තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ජාතික ක‍්‍රීඩා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.
 
එම නිවේදනයේ මෙසේද දැක්වේ.
 
සමස්ත ශ‍්‍රී ලංකාව නියෝජනය වන පරිදි නව ක‍්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීමේ උදාර පරමාර්ථය පෙරදැරිව 2021 වසරේ සිට ප‍්‍රකාශයට පත් කළ ”ජාතික ක‍්‍රීඩා දිනය” වෙනුවෙන් සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි.
 
අභියෝග හමුවේ ලොව ජය ගැනීමට ක‍්‍රීඩාවෙන් ලැබෙන දායකත්වය අති මහත්ය. ජය පරාජය විඳ දරාගන්නා ශක්තිමත් මිනිසෙකු නිර්මාණය කිරීම පමණක් නොව නිරෝගීමත් පුරවැසියකු රටේ අනාගතය වෙනුවෙන් නිර්මාණය කිරීම ද අප සැමගේ වගකීමකි.
 
ඩන්කන් වයිට් මහතා ඔලිම්පික් තරගාවලියක දී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පළමු රිදී පදක්කම දිනාදුන් දිනය සිහිපත් කරමින් ”ජාතික ක‍්‍රීඩා දිනය” ප‍්‍රකාශයට පත් කිරීමට ලැබීම මා ලැබූ භාග්‍යයක් කොට සලකමි.
 
ජාතික ක‍්‍රීඩා දිනය මගින් රටට මෙන්ම ලෝකයට පණිවුඩයක් ගෙන යා හැකි වන්නේ අදාළ දිනය තේමා කරගනිමින් ක‍්‍රීඩාවේ උන්නතිය උදෙසා අප ඉටු කරන ලබන සුවිශේෂී කාර්ය භාරයේ ප‍්‍රතිඵල දීර්ඝකාලීනව බිම් මට්ටම දක්වා ගලා යෑම තුළය.
 
ක‍්‍රීඩාවට ලැදි නිරෝගිමත් ජනතාවක් රටට බිහිකිරීම මෙන්ම වෘත්තිය මට්ටමින් ක‍්‍රීඩාවේ නියැලෙන ක‍්‍රීඩික ක‍්‍රීඩිකාවන්ට වටිනාකමක් ලබාදීම අප සතු වගකීමකි. ඒ වෙනුවෙන් පසුගිය කාලය තුළ පෙර නොවූ විරූ වැඩසටහන් රැුසක් ක‍්‍රියාත්මක කිරීමට අපට හැකිවිය.
 
එපමණක් නොව ක‍්‍රීඩාව සම්බන්ධයෙන් නිවැරදි තීන්දු තීරණ ගැනීම උදෙසා ඒ සම්බන්ධයෙන් හසල අත්දැකීම් ලත් පිරිසක් සම්බන්ධ කරගැනීමට හැකිවීම ද මේ දක්වා අප ලබා ඇති ජයග‍්‍රහණයකි.
 
එක් ක‍්‍රීඩාවක් වෙනුවට ක‍්‍රීඩා රැුසක් ජනතාව අතර ජනප‍්‍රිය කිරීමට අපි පසුගිය කාලය තුළ අඩිතාලම දමා ඇත්තෙමු. එහි ප‍්‍රතිඵල අනාගතයේ දී රටට හිමිවනු ඇත.
 
ඒ නිසා ජනප‍්‍රිය නොවන ඇතැම් තීන්දු තීරණ මතින් වුවද ක‍්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව අද දිනයේ මම ඔබට සිහිපත් කරමි.
 
සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති මාලාව අනුව යමින් ක‍්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ප‍්‍රමුඛත්වය දී කටයුතු කිරීමට ඇවසි දිරි දෙන ජනාධිපතිතුමා, අග‍්‍රාමාත්‍යතුමා ඇතුළු රජයට මාගේ ප‍්‍රණාමය පුද කිරීමට ද මෙය අවස්ථාවක් කරගමි.
 
කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ ක‍්‍රීඩා සම්බන්ධයෙන් විවිධ සීමා පැනවී තිබිය දී වුවත් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතවෙමින් ක‍්‍රීඩාවන්හි නිරතවීම නිරෝගී ජාතියකට අත්‍යවශ්‍ය වේ.
 
ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මෙන්ම ක‍්‍රීඩාවේ උන්නතිය උදෙසා විශාල කැපකිරීමක් කරන පුහුණුකරුවන් ඇතුළු සියලූ දෙනා සිහිපත් කිරීමට ද මම මෙය අවස්ථාවක් කරගනිමි. ඔබගේ කැපකිරීම් මා හොඳින් දන්නා අතර ඒ වෙනුවෙන් කළ යුතු කාර්යභාරය නිසි ලෙස ඉටු කිරීම මම ප‍්‍රමුඛත්වයෙහි ලා සලකමි.
 
රටක් නිරෝගී ජාතියක් ලෙස ලොව විරාජමාන කිරීම උදෙසා ජාතික ක‍්‍රීඩා දිනය ඔස්සේ කරනු ලබන සියලූ අභිමතාර්ථයන් සඵල වේවා! යැයි සුබ ප‍්‍රාර්ථනා කරමි.

advertistmentadvertistment
advertistmentadvertistment