ලොව පළමුවරට ඒඞ්ස් ආසාදිත කාන්තාවක් වෛරසයෙන් මිදෙයි

335

HIVවැළඳී හිඳ සුවය ලැබූ ලොව තෙවන පුද්ගලයා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර, ඇය මෙම වෛරසයෙන් මිදුනු පළමු කාන්තාව බව ද විශ්වාස කෙරේ.

 ලියුකේමියාව සඳහා ප‍්‍රතිකාර ලබමින් සිටි ඇයට ප‍්‍රතිකාරයක් ලෙස බද්ධ කෙරුණු මූලික ෙසෙල ලබාගෙන ඇත්තේ, ඒඞ්ස් රෝගකාරක වෛරසයට ස්වාභාවික ප‍්‍රතිරෝධයක් ඇති අයකුගෙනි. මෙම කාන්තාව වෛරසයෙන් මිදී දැනට මාස 14කි. නමුත් විශේෂඥයන් පවසන්නේ, පෙකණි වැළේ රුධිරය සම්බන්ධකර ගෙන සිදුකෙරුණු ෙසෙල බද්ධ ක‍්‍රමය HIV ආසාදිත බොහෝ දෙනකුට සුදුසු නොවන තරම් අවදානම්සහගත ක‍්‍රමයක් බවයි.

 පෙබරවාරි 15 දා ඩෙන්වර්හි පැවති වෛද්‍ය සම්මන්ත‍්‍රණයක දී මෙම රෝගියාගේ සිද්ධිය ඉදිරිපත් කරන ලද අතර, මෙම ක‍්‍රමය HIV සඳහා කෘත්‍යයාත්මක ප‍්‍රතිකාරයක් ලෙස භාවිතා කළ බවට වාර්තා වූ පළමු අවස්ථාව මෙය යි.

 රෝගියාට, ඇගේ ලියුකේමියා ප‍්‍රතිකාරයේ කොටසක් ලෙස පෙකණි වැලේ රුධිර ෙසෙල බද්ධයක් සිදුකර ඇති අතර, එතැන් සිට ඇයට HIV සඳහා වන ප‍්‍රතිරෙට්‍රෝ වෛරස ප‍්‍රතිකාරය ලබාගැනීමට අවශ්‍ය නොවීය.

 මෙම සිද්ධිය, පිළිකා සහ බරපතළ රෝගවලට ප‍්‍රතිකාරයක් ලෙස එම ආකාරයේ පටක බද්ධයක් සිදුකෙරුණු HIV ආසාදිත පුද්ගලයන් පිළිබඳ එක්සත් ජනපදයේ සිදුකෙරෙන විශාල අධ්‍යයනයක කොටසකි. බද්ධ කිරීම සඳහා තෝරාගත් ෙසෙලවල නිශ්චිත ජාන විකෘතියක් ඇති අතර, එයින් අදහස් වන්නේ ඒවාට HIV වෛරසය ආසාදනය නොවන බවයි. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ, මෙහි ප‍්‍රතිඵලයක් ලෙස පටක ප‍්‍රතිග‍්‍රාහකයන්ගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතියට HIV ප‍්‍රතිරෝධයක් වර්ධනයකර ගත හැකි බව යි.

advertistmentadvertistment
advertistmentadvertistment