ලොව ප‍්‍රථම වරට ඌරෙකුගේ හදවත බද්ධ කළ  තැනැත්තා මියයයි

336

මාස දෙකකට පෙර ලොව ප‍්‍රථම වරට ඌරෙකුගේ හදවතක් බද්ධ කරනු ලැබූ ඇමරිකානු ජාතිකයා පෙරේදා (09දා) මිය ගොස් තිබේ. ලොව ප‍්‍රථම වරට ඌරෙකුගේ හදවත බද්ධ කරගත් ඇමරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඞ් ප‍්‍රාන්තයේ පදිංචි 57 හැවිරිදි වියෙහි පසු වූ ඬේවිඞ් බෙනට් දින කිහිපයක සිට දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් පසු වීමෙන් අනතුරුව මිය ගිය බව ඔහුට අදාළ හදවත් බද්ධ කිරීමේ සැත්කම සිදු කළ මේරිලන්ඞ් ප‍්‍රාන්තයේ පිහිටි බෝල්ටිමෝර් රෝහල විසින් නිවේදනය කර තිබේ.

දින කිහිපයකට පෙර බෙනට්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නට වූ බවත් ඔහුට අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දුන්නද ජීවිතය බේරා ගත නොහැකි වූ බව ඌරෙකුගේ හදවත බෙනට් හට බද්ධ කළ ශල්‍ය වෛද්‍ය බාට්ලි ග‍්‍රිෆිත් පවසා තිබේ. බෙනට් ගේ මරණය ගැන, කම්පා වන බව පවසා ඇති වෛද්‍ය ග‍්‍රිෆිත් ඔහු ධෛර්යයසම්පන්න අවසානය තෙක්ම සටන් කළ එඩිතර පුද්ගලයෙකු බව සඳහන් කර තිබේ. වෛද්‍යවරුන් විසින් බෙනට්ට බද්ධ කර තිබුණේ ජානමය වෙනස්කම් සිදු කළ ඌරෙකුගේ හදවතකි.

advertistmentadvertistment
advertistmentadvertistment