ලොව පුරා කාන්තාවන් බිලියනයකට මන්දපෝෂණය

118

ඉකුත් දෙවසරක කාලය තුළ ලොව පුරා සිටින මන්දපෝෂණයෙන් පෙළෙන ගැබිනි කාන්තාවන්ගේ හා ගැහැනු දරුවන්ගේ සංඛ්‍යාව සියයට 25කින් පමණ වැඩි වී ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය පවසයි.

මෙහිදී මන්දපෝෂණයෙන් පෙළෙන ගැබිනි කාන්තාවන් හා ගැහැනු දරුවන්ගේ සංඛ්‍යාව වැඩි වශයෙන් සිටින රටවල් වශයෙන් සෝමාලියාව, ඉතියෝපියාව හා ඇෆ්ගනිස්තානය ඇතුළු දුගී බව වැඩි වශයෙන් දක්නට ලැබෙන තුන්වන ලෝකයේ රටවල් හඳුනාගෙන ඇති අතර යුනිසෙෆ් සංවිධානයට අනුව ලොව පුරා වාසය කරන බිලියනයකට අධික කාන්තාවන් හා ගැහැනු දරුවන් පිරිසක් මන්දපෝෂණයෙන් පෙළේ. මෙසේ කාන්තාවන් වැඩි පිරිසක් මන්දපෝෂණයට ගොදුරු වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ලොව පුරා මතුව ඇති යුද වාතාවරණය හා කොරෝනා වසංගතය මත පෝෂ්‍යදායි ආහාර වේලක් සපයා ගැනීමට අසීරුවීම බව එම සංවිධානය කියයි. කාන්තාවන් හා ගැහැනු දරුවන් ් අතර පවතින මන්දපෝෂණය පැතිර යන කේන්ද්‍රස්ථානය ලෙස දකුණු ආසියාව හා සහරා කාන්තාරය ආශ්‍රිත අප්‍රිකානු රටවල් හඳුනාගෙන ඇති බව යුනිසෙෆ් සංවිධානය කියයි. මෙම තත්ත්වයට පිළියම් යෙදීම සඳහා ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් අසාර්ථක වූ පෝෂණ වැඩපිළිවෙළවල් නගාසිටුවන ලෙස එම සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීම් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment