ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන 200 ඉක්මවයි

355

ලොව පුරා රටවලින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ (05 දා* මිලියන 200 ඉක්මවා ගිය බව ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය මගින් නිවේදනය කර තිබේ. මෙම ආසාදිතයන්ගේ සංඛ්‍යාවෙන් වැඩි ප‍්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර එම සංඛ්‍යාව මිලියන 35.3 කි. දෙවැනි වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී ඇති රට වනුයේ ඉන්දියාව වන අතර එරටින් මෙතෙක් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 31.8 කි. ලොව තෙවැනි වැඩිම කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ බ‍්‍රසීලයෙන් වන අතර එම සංඛ්‍යාව මිලියන 20 කි.

 ලොව පුරා රටවලින් ඊයේ වනවිට වාර්තා වී තිබූ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව මිලියන 4.25 ඉක්මවා ගොස් තිබූ අතර ඉන් බහුතරය ඇමරිකා එක්සත් ජනපදයෙන් ද (614,785*, දෙවැනි වැඩිම මරණ සංඛ්‍යාව බ‍්‍රසීලයෙන්ද (559,607*, තෙවැනි වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් ද (426,290* වාර්තා වී තිබේ.

 ඩෙල්ටා ප‍්‍රභේදයේ පැතිරීමත් සමගම ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉකුත් ජුලි මාසයට සාපේක්ෂව මේ වන විට හත් ගුණයකින් වැඩි වී ඇති බව ජින් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

 ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment