ලොව පුරා ගංගා බෙහෙත්වලින් දූෂණය වීම පරිසරයට හා සෞඛ්‍යයට දැඩි තර්ජනයක්: යෝක් විශ්වවිද්‍යාලයේ නවතම පර්යේෂණයකින් හෙළිවෙයි

156

ලොව පුරා පිහිටි ගංගාවන් බෙහෙත් හා බෙහෙත් නිෂ්පාදනයන්ගෙන් දූෂණය වීම හේතුවෙන් ගෝලීය වශයෙන් පරිසරයට හා සෞඛ්‍ය පද්ධතියට දැඩි තර්ජනයක් එල්ල වෙමින් පවතින බව එංගලන්තයේ යෝක් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයකදී අනාවරණය කරගෙන තිබේ.

ලොව පුරා පිහිටි බොහෝ ගංගාවන්හි ජලය බෙහෙත් නිෂ්පාදනවලින් දූෂණය වී ඇති බව අනාවරණය වී ඇතත් එම බෙහෙත් නිෂ්පාදනවලින් ගංගාවන්ට ඇති වී තිබෙන සම්පූර්ණ බලපෑම පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත. කෙසේ වුවද උපත් පාලන පෙති වැනි බෙහෙත් වර්ග ගංගාවල ජලයට මිශ‍්‍ර වීම හේතුවෙන් මත්ස්‍යයන්ගේ සංවර්ධනයට එය බාධාවක් වන බවත් ප‍්‍රතිජීවක බෙහෙත් දිගු කාලයක් මෙම ගංගාවල පැවතීම හේතුවෙන් එම බෙහෙත් භාවිතයෙන් ලැබෙන ගුණය අඩු වන බව පර්යේෂකයෝ පවසති. මෙම පර්ය්ෂණය සඳහා ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක පිහිටි ස්ථාන 1000කට අධික සංඛ්‍යාවකින් ලබා ගත් ජල සාම්පල පර්යේෂණයට ලක් කර තිබෙන බව මෙම පර්යේෂණය මෙහෙයවූ ආචාර්ය ජෝන් විල්කින්සන් පවසයි. මෙහිදී පර්යේෂණයට ලක් කර ඇති ගංගාවන් 258ක ජල සාම්පලවලින් හතරෙන් එකකට වැඩි සංඛ්‍යාවක ක‍්‍රියාකාරී බෙහෙත් අමුද්‍රව්‍ය අන්තර්ගතව තිබූ බව ආචාර්ය විල්කින්සන් කියයි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment