ලොව පුරා රටවල් ඔමික්‍රෝන්වලට වැට බඳිද්දී මෙරට සංගීත සංදර්ශන පවා පවත්වනවා

132
  • රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නපි‍්‍රය

ලොව පුරා රටවල ශීඝ‍්‍රයෙන් පැතිරෙන ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප‍්‍රභේදයේ පැතිරීම පාලනය කිරීම සඳහා දැඩි නීති රීති පනවමින් සිටියදී මෙරට බලධාරීන් පමණක් සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතියක් නොමැතිව එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබා දීම කොරෝනා වසංගතය පැතිරීම තවත් වේගවත් කිරීමට හේතු වනු ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පවසයි.

මෙය රට අනවශ්‍ය ලෙස අවදානමකට පත් කිරීමක් බව පෙන්වා දෙන රත්නප‍්‍රිය මහතා දැනට රට තුළ පනවා ඇති කොරෝනා මර්දන නීති රීති ලිහිල් කරන්නේ නම් එය සිදු විය යුත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ඇතිව බව සඳහන් කළේය. දැනට රටේ පවතින වාතාවරණයට අනුව එසේ කොරෝනා මර්දන නීති රීති ලිහිල් කිරීමට තරම් සුදුසු පරිසරයක් නොපවතින බවත් ජනතාවට ඒකරාශී වීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අංශ විසින් දැනුම් දී තිබියදී විශාල පිරිසක් ඒකරාශී වන එළිමහන් ප‍්‍රසංග පැවැත්වීම සඳහා හදිසියේ අවසර ලබා දීම ගැටලූ සහගත බවද හෙතෙම අවධාරණය කළේය.

මුළු ලෝකයම මේ වන විට ඔමික්‍රෝන් වසංගතයකට මුහුණ දීම සඳහා සුදානම් වෙමින් සිටියදී මෙරට විතරක් එයට හාත්පසින්ම වෙනස් අයුරින් කටයුතු කිරීම තේරුම් ගත නොහැකියි. සිදු විය යුත්තේ එවැනි වසංගත තත්ත්වයක් මෙරට ඇති වීම වැළක්වීම මිස එය පැතිරීම තවත් වේගවත් කිරීම නොවේ. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment