ලොව ප‍්‍රථම අගමැතිනිය බිහිවීම ජේ. ආර්. ට ජනවරම හිමිවීම – එදා පත්තරෙන්

976

ශ‍්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ මෙන්ම ලෝක දේශපාලනය තුළ ද අප රට තුළින් සිදුවීම් රැුසක් සටහන් කළ දිනයක් ලෙස ජුලි 21 වැනිදා එනම් අද දවස සඳහන් කළ හැකිය.

ලොව ප‍්‍රථම අගමැතිනිය ලෙස සිරිමා ආර්. ඞී. බණ්ඩාරනායක මැතිනිය දිවුරුම් දුන්නේ් 1960 ජුලි 21 වැනිදා එනම් අද වැනි දිනකය. 1960 ජුලි පැවැති මහා මැතිවරණයෙන් ශ‍්‍රී ලනිපය ආසන 75 ක් දිනා ගනිමින් ලත් විශිෂ්ට ජයග‍්‍රහණයෙන් පසු බණ්ඩාරනායක මැතිනිය කොළඹ කොටුවේ රජගෙදරදී අද ජනාධිපති මන්දිරය එදා හැඳින් වූයේ එපරිදිය. ජුලි 21 වැනි දා බ‍්‍රහස්පතින්දා අපරභාග එක පසුවී විනාඩි තිහට පමණ එවක ආග‍්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක ඉදිරියේ දිවුරුම් දුන්නාය. බණ්ඩාරනායක මැතිනිය එදා ශ‍්‍රී ලනිපයට නායකත්වය දුන්නද එම මහා මැතිවරණයට ආසනයක් තරග කර තිබුණේ නැත. එබැවින් ඇයගේ පදවිය ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථානුකූල කිරීම සඳහා අග‍්‍රාණ්ඩුකාරවරයා විසින් එතුමිය උත්තර මන්ත‍්‍රණ සභාවට පත් කරනු ලැබ ඇය උත්තර මන්ත‍්‍රණ සභාවේ මන්ත‍්‍රීවරියක ලෙස ද පසුව දිවුරුම් දුන්නාය.

ලොව ප‍්‍රථම අගමැතිනිය බිහිවීම ජේ. ආර්. ට ජනවරම හිමිවීම - එදා පත්තරෙන්


ජුලි 21 වැනිදා සිදු වූ මෙරට ඉතිහාසයේ තවත් සුවිශේෂී සිදුවීමක් වනුයේ 1970 මහා මැතිවරණයෙන් බලයට පත් සිරිමා ආර්. ඞී. බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් පිහිටුවන ලැබූ රජයේ නිල කාලය අවසන්ව පැවැති මහා මැතිවරණය පැවැත් වූයේ ද 1977 ජුලි 21 වැනිදා එනම් අද වැනි දිනකය. එම මැතිවරණයෙන් ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු වූ එක්සත් ජාතික පක්‍ෂ 6/5ක ජන බලයක් සතු කර ගනිමින් අති විශිෂ්ට ජයග‍්‍රහණයක් හිමිකර ගත්තාය. මේ රටේ ආර්ථිකයේ සුවිශේෂ වෙනස්කම් මෙන්ම දේශපාලනයේ ද පෙරළි රැුසක් ජුලි 21 වැනිදා සිදු වූ එම දේශපාලන බල පෙරළියෙන් ඉක්බිතිව සටහන් වූයේය. එම ඓතිහාසික සිදුවීම් එදා පත්තරවල වාර්තා වී තිබූ අන්දම ද මේ සම`ග දැක්වේ.

නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment