ලොව වේගවත්ම මිනිසා ‘ජෙකොබ්’

1171

විශ්වයේ වේගවත්ම මිනිසා තීරණය කෙරුණු සටනින් ජයගත් ඉතාලියේ ජේකොබ් ලැමොන්ට් මාර්සෙල් පෙරේදා (01) ජපානයේ ටෝකියෝ අගනුවර ඔලිම්පික් ක‍්‍රීඩාංගනයේදී පැවති 32 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කීය.

125 වසරක ඉතිහාසයකට හිමිකම් කියන ඔලිම්පික් ක‍්‍රීඩා අතීතයෙහි මීටර් 100 ඉසව්වේ රන් පදක්කම ඉතාලිය සතු කර ගත් ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර එම දස්කම කළ පළමු ඉතාලි ජාතිකයා ලෙස ජේකොබ් ලැමොන්ට් මාර්සෙල් තම නම රන් අකුරෙන් ලියවා ගත්තේය.

තත්පර 09.80 ක තරඟ නිමි කාලයක් සටහන් කර ගනිමින් මෙවර මීටර් 100 ඉසව්වේ රන් පදක්කම තහවුරු කර ගැනීමට ඔහුට හැකි වූ අතර තත්:9.84 ක තරග නිමි කාලයක් වාර්තා කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ කර්ලී ෆ්‍රෙඞ් රිදී පදක්කම දිනා ගත්තේය.

බ‍්‍රසීලයේ දී පැවති පසුගිය ක‍්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කමට හිමිකම් කියූ ඞී ගේ‍්‍රසී ඇනඩි‍්‍ර පිට පිටම දෙවන වතාවටත් ලෝකඩ පදක්කම කැනඩාවට රැුගෙන යාමට සමත් වීම විශේෂත්වයකි. පසුගිය වසරේ තත්: 9.91ක කාලයකින් තරඟය නිමා කරන්නට සමත් වූ ඞී ගේ‍්‍රසී ඇන්ඩි‍්‍ර මෙවර ලෝකඩ පදක්කම දිනා ගැනීම සඳහා තත්: 9.89 ක දක්ෂතාවයක් ප‍්‍රදර්ශනය කළේය.

පසුගිය වර 05 වන ස්ථානයට පත් දකුණු අප‍්‍රිකාවේ සිම්බිනේ අකානි ( තත්:9.93) ට මෙවර සිව්වනි ස්ථානය ද ඇමරිකා එක්සත් ජනපදයේ රොනී බේකර් (තත්:9.95) ට 05 වන ස්ථානය ද චීනයේ සූ බිංටියාන් (තත්:9.98) ට 06 වන ස්ථානයද හිමි විය.

නයිජීරියාවේ අඩිගෝකේ ඇනොක් නියමිත දුර සාර්ථකව අවසන් කිරීමට අපොහොසත් වූ අතර මහා බි‍්‍රතාන්‍ය නියෝජනය කළ හියුස් ෂානෙල් නීති රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් තරඟයෙන් ඉවත් කිරීමට විනිශ්චය මණ්ඩලය තීරණය කළේය.

රටවල් 61 ක ක‍්‍රීඩකයින් 84 ක සහභාගිත්වයෙන් යුතුව පැවති මෙම ඉසව්වේ පළමු වටයට අයත් තෙවන තරඟය සඳහා සහභාගී වුණු ශ‍්‍රී ලංකාවේ යුපුන් ප‍්‍රියදර්ශන අබේකෝන් (තත්: 10.32) හට අවසන් පූර්ව වටයට පිවිසීම ට නොහැකි විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment