ලොව ශීතලම නගරයේ ශීතල දරුණු වේ

1212

ලොව අධිකම ශීතල දේශගුණයක් පවතින නගරය සේ සැලකෙන නැගෙනහිර සයිබීරියාවේ ‘යැකුට්ස්ක්’ නගරයේ උෂ්ණත්වය මෙම දිනවල සෙල්සියස් අංශක ඍණ 50ක් (ෆැරන්හයිට් අංශක ඍණ 58ක් ) දක්වා පහළ බැස ඇති බව වාර්තා වී තිබේ. ජනවාරි මාසය යැකුට්ස්ක් නගරයේ අධිකම ශීතල දේශගුණයක් වාර්තා වන මාසය සේ සැලකෙන අතර මෙවර එහි උෂ්ණත්වය මේ සා පහළ වැටීමට හේතු වී ඇත්තේ දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම හේතුවෙන් බව විද්‍යාඥයෝ පවසති.

දැනට එම නගරය ඉතිහාසයේ දිගුම ශීත ඍතුවට මුහුණ පා සිටින අතර මේ හේතුවෙන් මිලියනයකට ආසන්න ජනගහනයක් වාසය කරන යැකුට්ස්ක් නගරයේ ජනතාවට අධික ශීතල දේශගුණයට මුහුණ පාමින් සිය ශරීරය උණුසුම් කරගැනීම සඳහා හිම කබා, අත්වැසුම්, තොප්පි හා ආවරණ කිහිපයක් බැගින් පැළඳීමට සිදුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment