ලොහාන්ගේ අනිත් කෑලි ගලවනවාද කියා රජය කිව යුතුයි

138

චෝදනාවකට ලක්ව ඇති රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා දරන සෙසු රාජ්‍ය අමාත්‍ය පදවියෙන් ද ඔහු ඉවත් කරන්නේ ද නැද්ද යන්න රජය ප‍්‍රකාශ කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසූයේ පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එජාප ජ්‍යෙෂ්ඨයන් සමග ඊයේ (16 දා* පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡුාවක් අතරවාරයේදීය.

බන්ධනාගාරයේ වූ සිද්ධිය සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වුව ද ඔහු දරමින් සිටි මැණික් හා ස්වර්ණාභරණ ආශි‍්‍රත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බවක් මෙතෙක් ප‍්‍රකාශ කර නැතැයි ද රුවන් විජයවර්ධන මහතා කීවේය.

පිස්තෝලයක් එල්ල කරමින් ඕනෑම මට්ටමේ පුද්ගලයකුට තර්ජනය කිරීම මෙරට නීති රීති අනුව බරපතළ චෝදනාවක් බව කී රුවන් විජයවර්ධන මහතා මෙම චෝදනාව සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේ වහාම මහෙස්ත‍්‍රාත්වරයකු ඉදිරියට පැමිණවිය යුතුව ඇතැයි ද සඳහන් කළේය.

ඇමැතිවරයකු හෝ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස පෞද්ගලිකව පාවිච්චියට දී තිබෙන පිස්තෝලය රැගෙන යා හැකි වුවත් එය පාවිච්චියට ගත හැක්කේ සිය ආත්මාරක්ෂාව සඳහා පමණක් බව ද විජයවර්ධන මහතා කියා සිටියේය.


චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment