ලොහාන් ගැන විමර්ශනයට විශ‍්‍රාමික විනිසුරුවරයකුගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක්

500

රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත මහතා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ගොස් ඇති කළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කිරීමට විශ‍්‍රාමික විනිසුරුවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය එක`ගතාවකට පැමිණ තිබේ.

ඇමැති මණ්ඩලය අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (21 වැනිදා) රැුස්වූ අවස්ථාවේ අධිකරණ ඇමැති අලි සබි‍්‍ර මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තිරණයට එළැඹි බව කැබිනට් ප‍්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය. කැබිනට් තීරණ දැනුම් දීම ස`දහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (22 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවසීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අනුව ලොහාන් රත්වත්ත මහතා පිළිබ`ද සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් රැු`දවියන් 23 දෙනකුගෙන් ප‍්‍රකාශ ලබාගෙන ඇති බවද ඇමැතිවරයා පැවසීය.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment