ලොහාන් ගැන හොයන්න කුසලා සරෝජනී පත් කරයි

457


ඉල්ලා අස්වූ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ සහ සිරකරු සුබසාධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ සහ අනුරාධපුරය බන්ධනාගාර වලදී සිදුකළ බවට වාර්තාවූ සිද්ධීන් විමර්ශනය කිරීමට විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු වීරවර්ධන මහත්මිය පත්කළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.
පසුගිය 05 වැනිදා වැලිකඩ බන්ධනාගාරයට සිය මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කර ගොස් එහි එල්ලූම්ගස නැරඹීම සහ සිරකරු දිනය යෙදී තිබූ ඉකුත් 12 වැනිදා ද මත්පැන් පානය කර අනුරාධපුරය බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටින එල්ටීටීඊ සිරකරුවකු දණගස්වා හිසට පිස්තෝලක් එල්ලකර තර්ජනය කිරීම යන චෝදනා ඒ මහතාට එල්ලවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment