ලොහාන් දෙමළ සිරකරුවන්ට කළ තර්ජනය ගැන සොයන්න- ටීඑන්ඒ

124

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට පිස්තෝලයක් සමග පැමිණ එහි රදවා සිටින දෙමළ සිරකරුවන්ට තර්ජනය කරමින් උත්සහ කොට ඇත්තේ ඔවුන්ව වෙඩි තබා ඝාතනය කිරීමට නිසා වහාම අමාත්‍යවරයා එම තනතුරෙන් පහකොට ඒ සම්බන්දයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට දෙමළ ජාතික සන්ධානය ඉල්ලීමක් කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානය විසින් මෙම නිවේදනය ටුවිටර් පණිවුඩයක් ඔස්සේ මේ වන විට බෙදා හැර ඇති අතර රාජ්‍ය අමාත්‍යවරයාගේ මේ නොමනා හැසිරීම ගැන සොයා බලා ඔහුව අමාත්‍යධුරයෙන් පමණක් නොව ඔහු දරණ සියලූ‍ම තනතුරු වලින්ද ඉවත් කළ යුතු බව සදහන් කොට තිබේ.

මේ අතර ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත‍්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණද ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව වහාම පියවර ගත යුතු බවට ඉල්ලීමක් කොට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment